https://www.gossiplankanews.com/2020/01/ranjan-ranil-letter.html
න්ජන්ගේ ක්‍රියාකලාපයෙන් පක්ෂයේ ඉදිරි මැතිවරණ ව්‍යපාරයට දැඩි බලපෑමක් එල්ලවන බවත් පක්ෂයට තවදුරටත් හානි සිදුවීම වැළැක්වීම සඳහා පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවනු ලබන බවත් එක්සත්
ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන් රාමනායක මහතාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

එම ලිපියේ මෙසේ ද දැන්වේ.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ඔබ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු වෙනත් අය සමඟ පවත්වන ලද දුරකතන සංවාද පටිගත කිරිම මගින් සහ පටිගත කරන ලද එකී දුරකතන සංවාදයන් විවිධ අය හරහා විද්‍යුත් මාධ්‍යවලට සහ සමාඡ ඡාල වෙබ් අඩවිවලට මුදාහැරිම මගින් එක්සත් ජාතික පක්ෂය සහ පැවැති එක්සත් ජාතික පක්ෂ

රඡය දැඩි අපහසුතාවට පත්කර ඇති අතර විශේෂයෙන් එකී ක්‍රියා කලාපය මගින් පක්ෂයේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කර ඇත
 පක්ෂයේ මහලේකම් වෙත ඉදිරිපත්ව ඇති පැමිණිලි පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව එක්සත් ඡාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ මා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

ඔබගේ ඉහත කී ක්‍රියා කලාපය මගින් ඔබ එක්සත් ඡාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් විවේචනය කර ඇති අතර එමගින් ඔබ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් බරපතළ ලෙස උල්ලංඝනය කොට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔබගේ ඉහත ක්‍රියා කලාපය මගින් ඔබ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3.3(ආ).3.3(ඈ), 3.4 (අ) සහ 3.4 (ඊ) වගන්ති

උල්ලංඝනය කර ඇති අතර මීට අදාළව එක්සත් ඡාතික පක්ෂයේ මහලේකම් විසින් පක්ෂ ව්‍යවස්ථාවේ 34(ඌ) වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද වාර්තාවල මාගේ අවධානයට ලක්විය.

ඔබගේ ඉහත සඳහන් ක්‍රියාකලාපය හේතුකොටගෙන තවදුරටත් පක්ෂයට හානියක්වීම සහ පක්ෂය අපහසුතාවට පත්වීම වහාම වැළැක්විය යුතු බැවින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3.4(ඌ) වගන්තිය යටතේ ඔබගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව ද එම අත්හිටුවීම එළැඹෙන කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම දක්වා බලපවත්වන බව ද මෙයින් ඔබ වෙත දැනුම් දෙමි.

මීට අදාළව ඔබට යම් නිදහසට කරුණු දැක්වීමක් සිදු කිරීමට ඇන්නම් මෙම ලිපිය ලැබී දින 07 ක කාලයක් තුළ එකී කරුණු දැක්වීම ලිඛිතව පක්ෂයේ මහලේකම් වෙත යොමු කරන ලෙස මෙයින් දැනුම් දෙමි.