https://www.gossiplankanews.com/2020/01/ranjan-prison-dates.html
ටම කළඹාලූ හඬපට කිහිපයක් නිසා මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඔහු සිටින "පී" සිර වාට්ටුවේ සිට ව්‍යායාම් කටයුතුවල යෙදෙමින්, අනෙකුත් රැඳවියන්ට ඒ සඳහා උපදෙස් දෙමින් පසුවන බව බන්ධනාගාර ආරංච් මාර්ග අනාවරණය කරයි. සිය ව්‍යායාම් කටයුතු සඳහා සැකකාර  මන්ත්‍රීවරයා තම පෞද්ගලික ව්‍යායාම් උපකරණ කිහිපයක්
පවා ගෙනැවිත් ඇතැයි ද පැවැසේ.
නළුවෙකු ලෙස සිය සිරුර විධිමත්ව පවත්වායාමට තමන්ට දෛනිකව විශේෂ ව්‍යායාම පුහුණවක් අවශ්‍ය බව දන්වා ඇති රන්ජන් ඒ සඳහා බන්ධනාගාර අවසරයද ලබාගෙන ඇත.
සාමාන්‍යයෙන් සියලු රැඳවියන් තම සිරකුටිය තුළ ගත කරන කාලය අතරතුර විවිධ අයුරින්ම ව්‍යායාම්

කටයුතුවල යෙදෙන අතර ඔවුන්ට සහාය වෙමින් "පී" සිරකුටියේ සිට සැකකාර මන්ත්‍රීවරයා මෙලෙස ඔවුන්ට උපදෙස් දෙන බව ද දැන ගන්නට ලැබී තිබේ.
ඉකුත් 18 වැනිදා මන්ත්‍රීවරයා බැලීමට මැගසින් බන්ධනාගාරයට පැමිණ ඇති පිරිසක් ඇඳ ඇතිරිලි දෙකක් එකට එකතු කර සකස් කරන ලද මෙට්ටයක් දීමට තැත් කර ඇතත් රන්ජන්ට ඒවාට අවසර නැතැයි කියමින් නිලධාරින් එය වළක්වා ඇතැයි ද වාර්තා විය.
රන්ජන්ගේ හඩ පට නිසා මේ වනවිට අධිකරණ විනිසුරන් කිහිපදෙනෙකු හා සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු විවිධ අපහසුතාවන්ට ලක්ව ඇත.
මේ අතර ඔහු පසුගියදා නඩු කටයුත්තට එළියට පැමිණි අවස්ථාවේ කියා සිටියේ මෙතෙක් පිට නොවූ ආන්දෝලානාත්මක දුරකථන සංවාදවල තවත් හඬපට කිහිපයක්  ඔහු ඉතාම රහසිගත ස්ථානයක සඟවා තිබෙන බවය.
මෙම දුරකථන සංවාදවල තවත් ප්‍රබල චරිත කිහිපයකට අදාළ දෙබස් තිබෙන බවත් දේශපාලනඥයන් කිහිපදෙනකුගේම හඬපට ඒවාට ඇතුළත් බවත් දන්වා ඇත.
අවශ්‍ය වුවහොත් මෙම හඬපට තමා විසින් ඉදිරියේදී මුදාහැරීමට කටයුතු කරන බවද රාමනායක මහතා  ප්‍රකාශ කර ඇත.

මේ වනවිට කණ්ඩායම් 10 ක් යෙදවා රන්ජන්ගේ සියලු හඬපට පරීක්සාවක් අරඹා ඇතත් රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශ්ලේෂණය කිරීම සදහා ‌මෙරට පවතින පහසුකම් ප්‍රමාණවත් ‌නොවන බවට පොලිසිය වාර්තා කර ඇත.
ඒ සඳහා අධි ධාරිතාවෙන් යුත් නවීන සන්නිවේදන උපකරණ සිංගප්පූරුවෙන් ‌ගෙන්වීමට ඇනවුම් කර ඇති අතර අති නවීන උපකරණ ‌තොගය අද හෝ හෙටපොලිස් මූලස්ථානය ‌වෙත ලැබීමටද නියමිතයි.

මෙම හඬ පට විශ්ලේෂණය සඳහා ‌

පොලිස් කණ්ඩායම් 10ක් පත්කිරීමට පියවර ‌ගෙන ඇති අතර ලක්ෂ‌යකට අධික හඬ පට ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21)පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන බවට වාර්තා විය. හඩපට සිද්ධියෙන් පසු පැවැත්වූ පාර්ලිමේන්තු වාරවලට ඔහු පැමිණ තිබුනේ නැති අතර ආන්දෝලනයෙන් පසු  අද ඔහු පැමිණෙන්නේ මුල්වරටයි.
අද දවල් 1 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.
තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අචස්ථාව දෙන්නැයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු‌ගේ වරප්‍රසාද යටතේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඔහුට සැසිවාර සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වෙයි. අද සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන සියලුම රැස්වීම්වලට ඔහු සහභාගි විමට නියමිතය.
ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායකගේ මීළග නඩුවාරය ජනවාරි 29 වැනිදා පැවැත්වේ.