පසුගිය කාලයේ ලංකාවේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් ටීවී දෙරණ නාලිකාවේ සිංහල මෙගා ටෙලි නාටකයක්වූ දෙවෙනි ඉනිම තව නොබෝ දිනකින් හමාර කරන්නට නියමිත බව
එහි රංගන ශිල්පිණී හිමාලි

සයුරංගි හෙළි කර තිබෙනවා.
දැනට කොටස් හත්සිය ගණනක් විකාශය කර ඇති එම ටෙලි නාටකය ශිල්පීන් සියලු දෙනා රැස්වී ඇතිවූ එකගතාවයක් මත ඉදිරි දින වලදී හමාර වනු ඇති බව ඇය පවසා ඇත. ඇය ඒ ගැන පුවත්පතකට මෙසේ කියා තිබේ.
'දෙවෙනි ඉනිම මං හිතන්නේ නැහැ කාටවත් එපාවීමක් වෙලා කියලා. මම චරිතයට ආදරය කළා සේම ප්‍රේක්ෂකයින් දහස් ගණනකුත් මා එක්ක බැඳුණා.මට එය එපා වීමක් වුණා නම් මං කලින් ඉවත් වෙලා.නමුත් හැමෝම කතාබහ වෙලා දැන් ඇති කියල හිතුවා. ඉතින් මේ දෙවෙනි ඉනිමෙ අවසාන කාලය තමා ගෙවී යන්නේ.'