https://www.gossiplankanews.com/2020/01/ranjan-house-search.html#more
7.25 pm
පොලිසිය සිදු කළ සෝදිසියෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට පත්විය. තමාට මෙයින් විශාල ප්‍රචාරණයක් හිමිවන බව රන්ජන් පැවසුවේය.රන්ජන් අත්අඩංගුවට පත්වීමේ මාංචු පොලිසිය පළඳවන්නට පෙර
එම නිලධාරියාවද සිපගත්තේය.

6.55 pm
පොලිසිය සිදු කළ සෝදිසියෙන් පසු බලපත්‍ර රහිත පිස්තෝලයක්, 9mm උණ්ඩ 127ක් හා ලිපි ලේඛන කිහිපයක් රන්ජන් සන්තකයේ තබාගැනීමේ වරදක් සිදු කර ඇති බව දක්වා ඇත.
6.50 pm
බොහෝ දුරට තම මන්ත්‍රී පිස්තෝලයේ බලපත්‍රය යාවත් කාල නොකිරීමේ වරදට රන්ජන් රාමනායක අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ සෝදිසි කිරීමේ කටයුතු පැය 3 කට ආසන්න කාලයක් පොලිසිය සිදු කළ අතර සවස 6.45 වනතුරුත් එය නිමාවට පත්ව නොතිබිණි.
රන්ජන් අත්අඩංගුවට පත්වූයේද යන්න ඒ වනතුරු ප්‍රකාශ නොවීය.
පරීක්ෂාවේදී රැස්කරගත් භාණ්ඩ කිහිපයක් පොලිස් පොතේ සටහන් කරගැනිමටද කාලයක් වැය විය.
මේ අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රන්ජන් රාමනායක සඳහන් කර ඇත්තේ සෝදිසිය කවරක් නිසා කරන්නේද යන්න පොලිසිය නොකී බවයි.තමා ඕනෑම අවස්ථාවක සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බවත් තමා අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් සිරගෙදර මිස ඉස්පිරිතාලයට නොයන බවයි.
5.30 pm
රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව තිබුණ සීඩී තැටි කිහිපයක් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇති අතර 2016 අවසන් වරට යාවත්කාල කළ මන්ත්‍රී තනතුරට හිමි පිස්තෝලයද ඔවුන් භාරයට ගෙන ඇත,
පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ රන්ජන්ගේ නිවසට පැමිණ මේ සම්බන්ධව සොයා බලමින් සිටියේය.
4.30 pm
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාසය අද (4) සවස පොලිසිය හදිසි පරික්ෂාවකට ලක් කර තිබේ.බස්නාහිර දකුණ පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්
අධිකරණ නියෝගයක්

මත මෙම විමර්ශනය සිදුකරන බව වාර්තා කර තිබුණි.
පරීක්ෂාවට පොලිසිය පැමිණි පසු මාධ්‍ය කැමරා කණ්ඩායම් වලින් එම ස්ථානය පිරුණි.පරික්ෂාව සිදු කරන අයුරු රන්ජන් රාමනායක  ෆේස්බුක් හරහා සජීවීව විකාශය කරමින් සිටියේය.
නිලධාරීන් පැමිණ පවසා ඇත්තේ තමන්ට නියෝගයක් ලැබුණ නිසා පරීක්ෂාවට සහය දෙන ලෙසයි. රන්ජන් ඒ අනුව ඔවුන්ට සුහදව අවස්තාව දෙන අයුරු වීඩියෝවේ දැක්වේ,
සෝදිසියෙන් කිසිවක් හමුවුණාද යන්න වාර්තා වූයේ නැත.