එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය භාරයට ගත් සීඩි තැටිවල තිබූ දුරකථන සංවාද ඇතුළත් හඩපට මාධ්‍යයට නිකුත්වීම සම්බන්ධයෙන් අද ඔහු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේය.

අද පස්වරුවේ සිය නීතිඥවරිය මාර්ගයෙන් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම මෝසම ඉදිරිපත් කරමින් දන්වා සිටියේ
ලාකඩ මත තම ඇඟිලි

සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය වෙත ගියේ කෙසේදැයි ගැටලු සහගත බවයි.
ඒ්වා මාධ්‍ය ඔස්සේ පළවන්නේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අවස්ථාවේ නිසා නඩු භාණ්ඩ විමර්ශනයට පෙර සංසරණය වීම තමාට අසාධාරණයක් බව පෙන්වාදී තිබේ.
එම හඬ පට කවර හෝ මාධ්‍යයක ප්‍රචාරය කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඔහු සිය මෝසම ගොනු කර තිබුණි.
එම මෝසම අදම විභාගයට ගත් අතර කෙසේ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.
එබැවින් ඒ්වා සංසරණය වීම ගැන සොයාබලන්නට හැකියාවක් නැති බවයි.
රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වූයේ බලපත්‍ර නැති ගිනිඅවියක් උණ්ඩ සමග තබාගැනීමේ වරදකට වන අතර එම සෝදිසියේ අදාළ නඩු භාණ්ඩ ඊළග නඩුවාරය වන ජනවාරි 17 වනදා පොලිසිය අධිකරණයට ඉදරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්