අත්දෙක පිටුපසට බැද කොන්ක්‍රීට් ගල්උඩ දණගස්වා රෙදි පටියකින් කට ද බැඳ අවූ. 8 සහ 15 දැරියන් දෙදෙනකුට රිප්පයකින් පහරදී කෘරත්වයට පත්කළේ යැයි කියන පියකු ලබන 20 වනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කරුණෑගල
ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පෙරේදා (6) නියෝග කළේය. විරඹුගෙදර කළුගමුව ජයවඩනගම පදිංචි ඩබ්ලිව්. රෝහණ පද්මතිලක (40) නමැති අයෙකු මෙසේ ඊමාන්ඩ් භාරයට පත්කෙරීණි. පියා විසින් පහර දිමේන් තැලුම් තුවාල ලැබූ ඩබ්ලිව්. චමෝදි හිරුණිකා (8) හා ඩබ්ලිව්. සමාධි පවිත්‍රා
(15) දැරියන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවත් දැරියන් දෙදෙනාගේ තැළීම් තුවාල ඇති බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබන්ඩාර මහතා පැවැසීය.

පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් සැරයන් ප්‍රියන්ත රණසිංහ (33722) මහතා කරුණු දක්වමින් කිවේ පියා විසින් පහර දීමේන් තැලිම් තුවාල ලැබූ දැරියන් දෙදෙනා දැනට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. මේ දැරියන් දෙදෙනාගේ මව වසරක පමණ කාලයකට පෙර විදේශයක රැකියාවට ගොස් ඇති බවත් පස්වේනිදා රාත්‍රී අරක්කු බෝතලයක් රැගෙන නිවසට පැමිණි පියා මත්පැන් පානය කර දැරියන් දෙදෙනාගේ අත්දෙක පිටුපසට තබා බැඳ කට රෙදි පටිවලින් බැඳ කොන්ක්‍රිට් ගල්උඩ දණ ගස්වා පහර දි ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස් සැරයන්වරයා පැවසීය.

තවදුරටත් කරුණු දැක්වූ පොලිස් සැරයන් ප්‍රියත්ත රණසිංහ මහතා කොන්ක්‍රිට් ගල් දැරියන් ලවාම ගෙට ගෙන්වාගෙන දෙදෙනාගේන්ම අත්පිටුපසට බැඳ රෙදි පටිවලින් කන් බැඳ ඇති බැවින් රිප්පයකින් දැරියන් දෙදෙනාට පහරදී ඇති බවත් දැරියන් දෙදෙනා පොලිසියට පැමිණ කළ පැමිණිල්ල මත විමර්ශන සිදුකිරීමේදී හෙළි වූ බවත් සැකකරු දිනපතාම මත්පැන් පානය කර පැමිණ දැරියන් දෙදෙනාට පහරදෙන බව අනාවරණය විමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් කීය.

අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර සිද්ධිය සම්බන්ධව පරික්ෂ පවත්වා වෛද්‍ය වාර්තාවක් සමග අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වීරඹුගෙදර පොලිසියට නියම කළේය. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි (II) මංගල වික්‍රමනායක මහත්වරුන්ගේ උපදෙස් පිට වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.ඒ.ඒ. ජගත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක තිළිණි සඳකැළුම් අබේරත්න මහත්මිය ඇතුළු නිලධාරීහු
පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

-අතුල පී.බණ්ඩාර-