https://www.gossiplankanews.com/2020/01/ranjan-bold-court.html#more
මේ වනවිට අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක සිය පළමු අත්අඩංගුවට ගැනීම සිදුවූ බලපත්‍ර අලුත් නොකළ පිස්තෝල තබාගැනීමේ නඩුව වෙනුවෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) දහවල් පැමිණියේය.
ඔහුගේ පෙනුම වෙනස්වී තිබුණ අතර
හිස මත තිබූ විග් එක ගලවා ඉතිරිව තිබෙන හිස කෙස් බූගා තිබු බව වාර්තා වේ.
සති කිහිපයක් තුළ අන්තර්ජාලයේ හා විද්‍යුත් මාධ්‍යයේ විශාල ආන්දෝලනයක් ඇති කරන්නට රන්ජන් පැවැත්වූ හඩ පට 32 ක් හේතු විය.
ඔහු විනිසුරන් සමග පැවැත්වූ සංවාද නිසා මේ වනවිට එක් විනිසුරුවරයෙකු

සේවයෙන් පහකර ඇති අතර අනෙක් දෙදෙනාගෙන් නිදහසට කරුනු විමසා ඇත. ඔහු වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ මේ වනවිට සති 3 ක් ගතවනතුරු රදවා සිටී.

මේ අතර රන්ජන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර එළියට පැමිණි අවස්ථාවේ ඔහුගේ නීතීඥවරිය ආශා කහවත්ත මාධ්‍යවෙත දැක්වූ අදහස් ගැටලුකාරී වී ඇති අතර ඒ ගැන නීතීපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් ලබාගැනීමටද නියමිතය.

රිමාන්ඩ් බාරයට පත්කර සිටින අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක්  බැලීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු, හේෂා විතානගේ හා පාලිත තේවරප්පෙරුම යන මහත්වරුන් ඊයේ (16) දහවල් කොළඹ මැගසින් බන්ධනාගාරයට ගොස් තිබූ බවද එම බන්ධනාගාර ආරංචි මාර්ගවලින් කියැවුණි. රඳවා සිටින  රන්ජන් බැලීම සඳහා බන්ධනාගාරයෙහි සෙසු රැඳවියන්ට සපුරා තහනම් කර ඇතැයිද පැවසිණි.
මෙම සිරවාට්ටුව ජේලර්වරයකු බාරයේ පවත්වාගෙන යන අතර, එහි එක් සිරකුටියක් සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙන්කර තිබුණි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිටතින් ආහාර පාන ලබාගැනීම සඳහා මෙතෙක් ඉල්ලීමක් කර නැති බවද වාර්තා විය.