පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

මෙම විනය
පරීක්ෂණ මත  අද හෝ හෙට දිනයේදී  පක්ෂය රන්ජන් රාමනායක මහතා සම්බන්දයෙන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (8) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණ පද්ධතියට බලපෑම් කර ඇති බවට හෝ නීතියට පිටින් කටයුතු කර ඇති බවට මෙම හඬපට මගින් තහවුරු වෙන්නේ නම් එම පුද්ගලයන්ට එරෙහිව තරා තිරම නොබලා අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
(නිමල කොඩිතුවක්කු)


රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්