ඉරාන, ඉරාක සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල ගුවන් පථය
වෙනස් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් සේවය පැවසුවේ, ඉරාන සහ ඉරාක ගුවන් අවකාශය මග හැර තම යානා පියාසර කිරීමට තීරණය කර ඇති බවයි.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින තත්ත්වය නිරීක්ෂණය කරන බවත් ඒ අනුව ජාත්‍යන්තර සහ ජාතික ආයතන සමග සබඳතා
පවත්වා ගනිමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාවට මුල්තැන ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම ආකාරයට ජාත්‍යන්තර ගුවන් සේවා රැසක්ම මෙම වෙනස්කම හා සමාන වෙනස්කම් සිදු කර ඇති බව දැනගන්නට ලැබේ.
ඇමෙරිකාව මැලේසියාව සිංගප්පූරුව හා චීනයද ඉරාන ගුවන් අවකාශය මගහැර සිය ගුවන් ගමන් සිදු කිරීමට තීරණය කර ඇත.
ඉරානය,  ඉරාකයේ ඇති අමෙරිකා හමුදා මූලස්ථාන දෙකකට බැලස්ටික් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව රටවල් රැසක් මෙම තීරණවලට එළඹීමට ආසන්න හේතුව විය.