යුක්රේන අගනුවර වන කියෙව් බලා පිටත් වන්නට ගිය  අවම වශයෙන් පුද්ගලයින් 168 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 11 ක් රැගත් බොයිං 737 වර්ගයේ මගී ගුවන් යානය ටෙහෙරානයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු අනතුරට ලක්ව තිබේ.

ඉරානයේ බලධාරීන් දන්වා ඇත්තේ මෙම අනතුරින්  දිවි ගලවා ගත් අය සොයා ගැනීමට අවස්ථාවක් නොමැති වූ බවයි. ඉරාන හදිසි සේවා නිලධාරියෙකු වන පියර් හුසේන් කුලිවාන්ඩ් පසුව රාජ්‍ය රූපවාහිනියට කියා සිටියේ අනතුරින් ගමන් කළ සියලු දෙනා මිය ගිය බවයි.
යුක්‍රේනයේ
විදේශ අමාත්‍යංශය ගුවන් සමාගමේ තොරතුරු උපුටා දක්වමින් තහවුරු කර ඇත්තේ මගීන් ලෙස පුද්ගලයින් 168 දෙනෙකු යානයේ සිටි බව හා යානාවේ කාර්ය මන්ඩලය සමග මියගිය සංඛ්‍යාව 179 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.

“ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු පහකට පසු අනතුරට ලක්වුණා” යැයි සිවිල් ගුවන් සේවා ප්‍රකාශක රේසා ජෆර්සාදී පැවසීය. “නියමුවාට කුළුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර අනතුරට පෙර හදිසි තත්වයක් ප්‍රකාශ කළේ නැත.”

කුලිවාන්ඩ් බදාදා උදෑසන රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ අනතුරින් පුද්ගලයින් 179 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 32 දෙනෙකු  ඉරාන පුරවැසියන් බවයි. රජයේ ඉස්නා ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිකුත් කරන ලද මගීන්ගේ ලැයිස්තුවක් සඳහන් කළේ, මියගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, ස්වීඩන ජාතිකයින් සිව් දෙනෙකු සහ කැනේඩියානුවන් හය දෙනෙකු ඇතුළත් වන බවයි.