https://www.gossiplankanews.com/2020/01/purnika-peshala.html
දෙරණ නාලිකාවේ සේවය කරන පූර්ණිකා පීරිස් (චතුරිකාගේ සොයුරිය) එම නාලිකාවේම ශීල්පියෙකු වන පේෂල මනෝජ් සමග අනියම් ඇසුරක් පවත්වන බවට මීට කලකට ඉහත ආරංචියක් පැතිර ගියා. දෙරණේ නිවේදක සහන් සමග විවාහවී එත් දරු මවකව සිටි පූර්ණිකා
ඒ දිනවල එම කතා ප්‍රතික්ෂේප කළ අතර විවාහකයෙකුවූ පේෂලද එම කතාව ප්‍රතික්ෂේප කළා.
මෙච්චර දවසක් ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුන මේ පේෂල- පූර්නිකා ආදර කතාව තවදුරටත් රහසක් නොවන තැනට වැඩ සිද්ධ වෙලා. පසුගියදා දුක්ගන්නාරාල කලා ශිල්පියාගේ උපන් දින උත්සවයට මේ දෙදෙනා පූර්ණිකාගේ දරුවාද සමග පැමිණ ඡායාරූප වලට පෙනී සිටීම සමග මෙම කතාව අලුත් වුණා.
 දැන් ඒ ගැන දෙන්නාම ප්‍රසිද්දියේම කතා කරන්න පටන් අරගෙන තියෙනවා. පහුගිය දවසක
 පේෂලගේ ගායන ප්‍රසංගයක් පැවැත්වුණා එම ප්‍රසංගයේ සියලුම සංවිධාන

කටයුතු සිදුකර තිබුනේ
පූර්නිකාගේ අතින්. ඉතින් ප්‍රසංගය සාර්ථක ලෙස අවසන් වීමේ සතුට නිමිත්තෙන් පේෂල පුර්නිකා වෙනුවෙන් ස්තුතිය පුදකරන්න සර්ප්‍රයිස් පාර්ටි එකකුත් දැම්මා.
ඉතින් මේ වැඩේට ලංකාවේ තවත් ජනප්‍රිය කලාකරුවෝ කිහිප දෙනෙකුත් සම්බන්ධ වෙලා තිබුනා. පූර්ණිකාගේ ඥාතින් වන එඩ්වඩ්-දීපිකා යුවල, චන්දන වික්‍රමසිංහ සහ බිරිඳ වැනි පිරිසක් එයට එක්ව
තිබුනා.
කේක් කපලා කාලා සතුට සමරන අතරේ චන්දන වික්‍රමසිංහ බොහොම වැදගත් කතාවක්
කියනවා. සාමාන්‍යයෙන් ඕනෑම කලාකරුවෙක්ගේ සාර්ථකත්වයට හිත හයිය දක්ෂ කාන්තාවක් පිටිපස්සෙන් සිටීමේ වැදගත්කම ඔහු කියනවා. පේෂලගේ මේ ප්‍රසංගය මේ විදිහට සර්ථක එකක් කරගන්න තනියම බර ඇදපු පූර්නිකාත් ඒ කතාවට හොඳ උදාහරණයක් කියලා ඔහු කියනවා. පේෂල පූර්නිකා ඇත්තටම හොඳට ගැලපෙන යුවලක් බවත් එය මේ ප්‍රසංගයේ සාර්ථකත්වයෙන් තව තවත් ඔප්පු වුනා කියලත් ඔහු අවසානයේ කියනවා.
 ප්‍රවීන ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිත් දක්වන්නේ ඊට නොදෙවෙනි අදහසක්. මේ පටන්ගත්ත ගමන
කලා ලෝකයේ වගේම පෞද්ගලික ජීවිතයේත් දග ගමනක් යන්න අවස්ථාව ලැබෙන්න කියලා ඔහු ඔවුන්
දෙදෙනාට සුබ පතනවා. මේ අවස්ථාවට පූර්නිකාගේ අම්මා, තාත්තත් සහභාගී වුණා.
පූර්ණිකා මෙන්ම චතුරිකා දෙසොහොයුරියන්ගේ දෛවයේ සහකරුවා මුලින් ප්‍රසිද්ධ වූ අය නොවීමත් විශේෂත්වයක්.