https://www.gossiplankanews.com/2020/01/on-arrival-visa-china-sri-lanka.html
ද (28) දිනයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී චීන ජාතිකයින්ට ලබාදී තිබූ ක්ෂණික වීසා ලබාගැනීමේ පහසුකම අත්හිටුවා තිබේ.
2019 ජනවාරියේ සිට මෙම පහසුකම ලබාදී තිබුනේ
චීනයේ සිට ව්‍යාපාරික හා සංචාර

අරමුණින්
 ලංකාවේ කෙටි සංචාර සඳහා පැමිණෙන චීන ජාතිකයින් සඳහාය.
එම ක්‍රමයේදී කල් ඇතිව වීසා අයදුම් කර අනුමතවීමක් අවශ්‍ය නැති අතර ශ්‍රී ලංකාවට පැමිණි පසු අවශ්‍ය ලියකියවිලි පෙන්වා පහසුවෙන් ලංකාවේ වීසා ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම තිබුණි.
සංචාරක ප්‍රවර්ධනය පිණිස මෙම පහසුකම ලබාදී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ වාර්තාවූ ආකාරයට ලංකාවට හුබෙයි ප්‍රාන්තයේ සිට සංචාරක අරමුණින් පැමිණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම හදුනාගැනීමෙන් පසු මෙම තීරණය ගැනීමට යොමුවී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට චීන ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා චීනයේදීම වීසා අයදුම් කළ යුතු අතර ඔවුන් පැමිණෙන ප්‍රාන්තය ඇතුළු අදාළ කාරණා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පමණක් වීසා නිකුත් කෙරෙනු ඇති බව දන්වා ඇත.
මේ අතර විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළේදී පොදුවේ පරීක්ෂා කර බලන බවත් චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවත් ඊයේ වාර්තා විය. ඒ සදහා ස්කෑන් යන්ත්‍ර යොදා විශේෂ ස්ථානයක් වෙන් කර ඇත.
මීට අමතරව ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිතවතුන්ට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුළු වීම මුළුමනින්ම නවතා දැමීමට ඊයේ සිට තීරණය කර තිබේ. මින් පෙර ඥාතීන්ට හෝ හිතවතුන්ට කිසියම් ගාස්තුවක් ගෙවා ඇතුළුවීමට හා පරිශ්‍රයේ සීමාවක් දක්වා ගමන් කිරීමට පහසුකම තිබුණි.