මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙහෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
මුලින් ම මත්තල ගුවන් තොටුපළේ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් අරඹන බවත් ඒ
අතරතුර සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ බළධාරින්ට උපදෙස් දුන්නේය.
මත්තලට පැමිනෙන ගුවන් සමාගම් සදහා ගුවන් තොටුපළ

සේවා ගාස්තු වෙනුවෙන් සහන ලබා දිම පිළිබදවද  සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම කෙරෙහිද ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් යානා අලුත්වැඩියා අංගනයක්, පුහුණු පාසලක් ආරම්භ කිරිමට ද මෙහි දි යෝජනා විය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2015 ට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර ශ්‍රී ලංකන්, ඩුබායි, අරාබි වැනි ගුවන් සමාගම් වල ගුවන් මෙහෙයුම් එහි ක්‍රියාත්මක විය. එහෙත් 2015 යහපාලන රජය පත්වීමත් සමග එම ගුවන් යානා මත්තලට පැමිණීම නතර කර දැමිණි. 2014 දි ගුවන් මගීන් 40,386 මත්තල ගුවන් තොටුපලින් සේවාව ලබා ගෙන ඇති අතර 2019 දි එම සංඛ්‍යාව 1536ක් විය. 2014 දි මෙට්‍රික් ටොන් 214 ක භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපල මගින් සිදු කර තිබේ. එහෙත් පසුගිය වසරේ මත්තල ගුවන් තොටුපළේ භාණ්ඩ මෙහෙයුම් කිසිවක් සිදු නොවු බව ද මෙහි දි අනාවරණය විය.