ඊයේ (11) අලුයම 5.30 ට පමණ දිවයිනේ ප්‍රදේශ රැසක ඉහළ අහසේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වූ බවට වාර්තා තිබුණි.කොළඹ, ගම්පහ,අවිස්සාවේල්ල, උඩවලව ඇතුළු ප්‍රදේශ රැසකින් හදුනා නොගත් පියාසර වස්තුන් පෙලක් අලෝකාත්මකව
එක පෙළට ගමන් කළ බවට වාර්තා විය.
ඒවා එකම වේගයකින් යුතු බවටත් විශාල ප්‍රමාණයක් එක පෙළට පිහිටා තිබූ බවත් ඇසින් දුටූවෝ ප්‍රකාශ කළහ.

ඉහළ අහසේ එක දිගට විනාඩි 15 ක් විතර එක ලග එක ලග තාරකා ස්භාවට තියන යානාවත් හරි අපි හිතුවේ උල්කාපාත වර්ශාවක් කියලා නමුත් උල්කාපාත
වර්ෂාවක් එහෙම එන්නේ නැති හින්දා අපේ අය බලාගෙන හිටියා පැය කාලක් විතර තරුවල ස්භාවය තමයි තිබුනේ තව ටිකකින් එහා පැත්ත බලද්දි ඒ ගැප් එක නැතුව ඊට පස්සේ චුට්ටක් ඈතින් ඈත ගියා අපි හිතුවේ මේක සාමාන්‍යයෙන් මිනිස් ක්‍රියාවක් නෙවෙයි වගේ

කෙසේවෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, මෙම දර්ශනය දුටු ජනතාව පවසන ලක්ෂණ අනුව එය ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය බවයි.

ස්පේස් එක්ස් සමාගමට අයත් ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය පසුගිය මැයි 24 වෙනිදා නෙදර්ලන්තයේ ඉහළ අහසේ ගමන් ආකාරය සටහන්ව තිබිණ.

එම දර්ශන පෙළ ඊයේ අලුයම හඳුනානොගත් පියාසර වස්තුන් දුටු බව කියන ප්‍රදේශ දෙකක පුද්ගලයින් වෙත අප වෙන වෙනම යොමු කළ අතර ඔවුන් තමන් දුටු ආලෝක පෙළ හා එය ඉතා සමාන බවට තහවුරු කළේ ය.

අධිවේගී අන්තර්ජාල පහුසකම් සැපයීම මෙන්ම ලොව දුෂ්කර ප්‍රදේශවලට ආවරණය ලබාදීම අරමුණුකරගනිමින් ස්පේස් එක්ස් සමාගම ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය සැලසුම් කර තිබේ.

ඒ අනුව ෆැල්කන් නයින් රොකට්ටුව මගින් කුඩා චන්ද්‍රිකා 60 ප්‍රථමයෙන් කක්ෂගත කෙරුණ අතර මෙම චන්ද්‍රිකා කක්ෂගත කර ඇත්ත් පෘථිවියට ඉතා සමීපයෙනි.

ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය යටතේ චන්ද්‍රිකා 400 ක් කක්ෂතගත කිරීමට නියමිතයි.

මේ අනුව දැනට ලොව භාවිත කරන ෆයිබර් ඔප්ටික් රැහැන් මගින් සැපයෙන අත්ර්ජාල සේවාවට වඩා වේගවත් සේවාවක් මෙම නව තාක්ෂණය ඔස්සේ ලබාගත හැකිවේ.

ස්පෙස් එක්ස් සමාගමට අමතරව අභ්‍යාවකාශගත අන්තර්ජාල පහසුකම් සැපයීමට බ්‍රිතාන්‍ය වන් වෙබ් සමාගම ද මේවනවිට සුදානම් වෙන අතර ඔවුන දැනටමත් චන්ද්‍රිකා 6 ක් සැලසුම්කර අවසන් ය.

ස්පෙක්ස් එක්ස් සමාගම අමෙරිකානු සමාගමක් වන එහි මූලස්ථානට කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ථාපනය කර තිබේ.

2002 වර්ෂයේදී මැයි මස 06 වෙනිදා ඇරමි මෙම අමෙරිකානු සමාගම සේවකයින් 7000 කගෙන් සමන්විතයි.