https://www.gossiplankanews.com/2020/01/matara-father.html
මාතර ඓතිහාසික බෝධි රාජයා අසල ඊයේ (29 දා) උදේ 10ට පමණ වයස අවුරුදු 76ක් වූ පස්දරු පියකු දමා ගොස් තිබේ. මෙම පස් දුරු පියා ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේ සිට ඔවුන්ගේ බාල පුතු විසින් රැන්ගෙනවිත් මෙම ස්ථානයේ දමා ගිය බව එම වයෝවෘද්ධ පුද්ගලයා පැවැසීය.

පසුව මෙම පුද්ගලයා

අධික ලෙස වෙව්ළමින් එම ස්ථානයේ ඇද වැටුණු අතර රැස්ව සිටි පිරිස් එම තැනැත්තාට ආහාර සහ තේ පැන් ලබාදී සත්කාර කළහ. රැස්වව සිටි අය පසුව 1990 ගිලන් රථ සේවාවට ඇමතුමක් ලබා දුන් අතර එහෙත් ගිලන් රථයක් එම ස්ථානයට නොපැමිණීම නිසා මාතර පොලිසියේ ජීප් රථයකින් මාතර මහ රෝහලට රැගෙන යන ලදී.

මාතර නගර මධ්‍යයේ වෙව්ළමින් සිටි මෙම තැනැත්තා මාතර රෝහලට රැගෙන යැමට කිසිවකු ඉදිරිපත් වුයේ නැති අවස්ථාවේදී රැස්ව සිටි තරුණයන් පිරිසක් මෙම තැනැත්තා කර මතින් රැගෙන යාමට උත්සාහ කරන විට පොලිස් ජීප් රථය එහි නවතා එම තැනැත්තාව රැගෙන යෑමට කටයුතු කළේය.

මෙම තැනැත්තා පවසන ආකාරයට ඔහුට දරුවන් පස්දෙනකු සිටින අතර බාල පුතා විසින් මෙලෙස මඟමගෙ දමා ගොස් තිබේ. මෙම අය සත්තකයේ තිබූ රෙදි බෑගයේ වෛද්‍ය පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ  වෛද්‍ය වාර්තාවක් තිබූ අතර එහි පී.එච්.අප්පුහාමි වයස අවුරුදු 76ක් ලෙස සහ බෝගහගොඩ, අගුහ ලෙස සඳහන් කර තිබිණි. මාතර පොලීසිය වැඩිදුර පක්‍ෂණ සිදුකරයි.

මාතර - උදය කුමාර රණවීර