අසභ්‍ය රූප සහිත ලිපි ලියා යවා කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකට ලිංගික හිංසාවක් කළ බව කියන සැකකරුවකු පෙබවාර මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොල මහතා නියෝග කළේය.
නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි ෂන්මුගම් වසන්තරාජා නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියම කෙරිණි.

මෙම සිද්ධියේ පැමිණිලීකාර කාන්තාවගේ නැඟණියකටද පසුගිය දිනක

බලහත්කාරයෙන්  චොකලට් ලබාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව සමථ මණ්ඩලය හමුවේ නඩුවක් පවතින බවත් එසේ
තිබියදී සැකකාර පුද්ගලයා පැමිණිලීකාරියගේ ලිපිනය සොයා ගෙන එකී ආකාරයට පැමිණිලිකාරියට අසභ්‍ය රූප සහිත ලිපි ලියා තැපෑලෙන් යවා ඇති බවද අධිකරණයෙන් අනාවරණය කෙරුණි.

පැමිණිලිකාරිය ඇගේ නැගණියද සමඟ පසුගිය දිනක කෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳසැලකට යන අතරතුරදී සැකකාර පුද්ගලයා පැමිණ පැමිණිලිකාරීයගේ නැගණියගේ අතින් ඇද ඇති බවත් පසුව ඒ අවට සිටි පුද්ගලයකු සැකකරු අල්ලා මිරිහාන පොලීසියට භාරදී ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කොස්තාපල් සෙනවිරත්න (43661) මහතා අධිකරණයට දැන්වීය.

සැකකරුගේ අත්අකුරීන් අදින හා ලීයන ලද අසභ්‍ය රෑප සටහන් හා ලිපි කිහිපයක් පොලිසිය විසින් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 කුමුදු උපුල් ශාන්ත