එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග සිදුකරන රහස් කුමන්ත්‍රණ හේතුවෙන් වර්තමාන. පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යයභාරය සිදුකිරීමට ඔවුන් අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජනතා හඬ ජන හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා අසා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් බඩු මිල පාලනයට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා ද යන්නයි.

“ගිය ආණ්ඩුවෙන් වහ වුණ
තෙල් මිල සුත්‍රය මේ ආණ්ඩුවට රහවෙලා“ යනුවෙන් ද පැවසු ඒ මහතා වත්මන් ආණ්ඩුව විසින් සියලු දේ මාර්තු 1 වන දිනට පෙර යනුවෙන් සඳහන් වෙන බවත් කියා සිටියේය.

එසේ සිදු කරනු ලබන්නේ පසු දින පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් වන බවත් සමරසිංහ මහතා පැවසීය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරු හැරිය නිසාවෙන් එහි බලය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසු වසන්ත සමරසිංහ මහතා,පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් හෝ වෙනත් අය පත් නොකර රට ගෙන යන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියේය.

“මේ රට ගෙනියන්නේ කොහොම ද? ජනතාවට සහන දෙන යෝජනා ගේන්න අපි අත උස්සලා සම්මත කරනවා“ යනුවෙන් පැවසු ඒ මහතා, සජිත් හා රනිල්ලා ආණ්ඩුවේ වගකීම් ලෙස හොරු සමඟ එකතු වී සිටි බවත් අද දිනයේ විපක්ෂයේ කාර්ය භාරය හෝ නිසි ලෙස කළ නොහැකි බවත් පැවසීය.

“මහින්දලා-රනිල්ලගේ ඩීල් නිස රනිල් මේක දාලා යන්නේ නෑ“ යනුවෙන් ද ඒ මහතා මෙහිදී කියා සිටියේය.