වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින්  අධිකරණයට කෙතරම් බලපෑමක්  එල්ල කලේද යන්න පැහැදිලි වන්නේ යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද (2020.01.09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කලේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා -
මේ තත්වය අනුව අධිකරණ තීන්දු  පිලිගන්නෙ කොහොමද කියල අද වෙනකොට
ජනතාව අපෙන්  ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල  බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා. දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.
මගේ අමාත්‍යංශ වල මුදල්

ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.

මෙහිදී පුවත්පත් කර්තෘවරුන් අසනු ලැබූ  ප්‍රශ්න වලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තfුව් සහ පොලිසියේ  ඇතැමුන් සම්බන්ධ වූ බවයි. මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාර වරයාට පැහැදිලි වගකීමක් තිබේ. මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අධිකරණයේ පැත්තෙන් වහාම පියවරක් පියවර ගත යුතව තිබේ.
අධිකරණයට පසුගිය සමය තුල පාර්ලිමේන්තු  නියෝජිතයින්ගේ බලපෑම් එල්ල වීම පිළිබඳව  මාධ්‍යවේදී ගේ විමසීමට තවදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයින්  පාර්ලිමේන්තුවේ උසස් බව රැකීමට ක්‍රමානුකූලව පියවර ගත් බවයි. නමුත් පසුගිය කාලය   තුළ මෙම තත්ත්වය කඩා වැටීමට ලක් විය. පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගහන තත්ත්වයෙන් ඉවත් කර  සමාජයේ දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර  ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට නැවත පත් කරීමට රජය සූදානම් බවද අග්‍රාමාත්‍ය වරයා මෙහිදී අවධාරණය කලේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා.
හිටපු අමාත්‍ය  රංජන් රාමනායක මහතා සම්බන්ධ හඬ පට සිද්ධිය රංජන් රාමනායකටම පමණක් කොටු කළ යුතු නැහැ. මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ එකක්. මේක පැහැදිලිව  පසුගිය රජය අරලියගහ මන්දිරයේදී  රන්ජන් රාමනායකට මේ සම්බන්ධ සියලු උපදෙස් දුන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා බව රන්ජන් සහ අග්‍රාමාත්‍යවරයා අතර හඬ පට පටවලින්ම අනාවරණය වෙනවා. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් විපක්ෂය මර්ධනය කරන්න කරපු වැඩපිළිවෙළක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම හමුවේ දී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාගේ සිද්ධියේදී පසුගිය රජය අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේද යන්න අනාවරණය වන බවයි. මේ පිළිබඳව හිටපු සොලිසිටර් ජනරාල්  වරුන් දෙදෙනෙකු තොරතුරු අනාවරණය කළ බවත් මෙය දේශපාලන පලිගැනීමකට ලගු නොකොට අධිකරණයට ඉතිහාසය තුල සිදු වූ ලොකුම බලපෑම ලෙස සැලකිය යුතු බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළේය.