රජය විසින් ලබාදෙන ලද බදු ප්‍රතිලාභ පාරිභෝකයන්ට ලබා නොදෙන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය
ආදායම් දෙපාර්තමේත්තුවට නියෝග කර තිබේ.
සිල්ලර, තොග හා ආනයන ද්‍රව්‍ය විකිණිම මත වැට් බදු අඩු කිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයන්ට නොලැබෙන බවට ජනතාව අඛණ්ඩව කළ පැමිණිලි කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් 1 වැනි දින සිට බලපැවත්වෙන පරිදි ලබාදුන් බදු ප්‍රතිලාභ ජනතාවට නිරන්තරයෙන් ලබාදීමට මහා පරිමාණ තොග ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන් සහ සිල්ලර වෙළෙඳුන් කටයුතු කරන්නේ දැයි නිරන්තරයෙන් අධික්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

ව්‍යාපාරවලට අසාධාරණයක් නොවන ලෙස තරගකාරි නොවන වෙළඳපොළ භාවිතයන් වළක්වා තිබෙන නිසා පාරිභෝගිකයන්ට අදාළ බදු ප්‍රතිලාභ ලබාදෙන මෙන් ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට ද දැනුම්දීමක් සිදුකර ඇත.

-දසුන් රාජපක්ෂ-