මහනුවර ජාතික රෝහලේ කාන්තා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි තරුණ කාන්තාවකට අපයෝජනයක් සිදු
කළ බව කියන හෙද
නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කීයයි.

සැකකරු රාත්‍රී සේවාවේ යෙදී සිටියදී ඔහු සේවයේම නියුතු වාට්ටුව ආසන්නයේ කාත්තා වාට්ටුවට ඇතුළු වී එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගී කතකට වැඩිපුර එන්නත් ලබාදී අපයෝජනයක් සිදුකර ඇති බවට මහනුවර පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට ‘බී’ වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

-ජේ.ඒ.එල්.ජයසිංහ-