දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින්නේ වෛද්‍යවරුන් විසිදෙදහසකට ආසන්න ප්‍රමාණයක් වුවත්, රට තුළ මේ ආකාරයට ප්‍රතිකාර කරන ස්ථාන හැටදහසකට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

කිසිදු වෛද්‍ය ක්‍රමයක් පිළිබඳ දැනුමක් නොමැති. පුද්ගලයන් පවා මෙවැනි ස්ථාන පවත්වාගෙන යන බවත්, මීට අමතරව ස්පා නාමයටත් ආයුවේද නාමයන් භාවිත කරන බවත් එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

එම නිසා මේ පිළිබඳෙ සොයා බැලීමට රට තුළ
ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත්, දේශීය වෛද්‍ය නාමය යටෙත් යම් රෝගයකට දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබාගත් සමහර පුද්ගලයන් අදාළ ඖෂධ වට්ටෝරුවලට අනුව ප්‍රතිකාර ලබාදෙන බවට වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව දැනුම නොමැති පිරිස් පියා හෝ මව වෛද්‍යවරුන් බව පවසමින් ප්‍රතිකාර ලබාදෙන බවත්, ඇතැම් පුද්ගලයන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් හා බටහිර වෛද්‍ය ක්‍රමයන් යන ක්‍රමවේදයන් දෙකටම ප්‍රතිකාර ලබාදෙන බවද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

වෛද්‍ය ක්‍රම පිළිබද සුළු දැනුමක් ඇති සමහර පිරිස් දේශපාලනඥ හිතවත්කම මත ලියාපදිංචිය ලබාගන්න තිබෙන බවට වාර්තා වන බවත්, වෛද්‍යවරයකු වීමට නම් විෂයානුබද්ධ දැනුම, පළපුරුද, කුසලතාව හා ඖෂධ සහ උපකරණ යන සුදුසුකම් සැපිරිය යුතු බවත් ඒ මහතා පැවසීය.

එව්.අයි. තුෂාර