ජාතික හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉතා නුදුරේදීම
එක්සත් ජාතික පක්ෂයට
සම්බන්ධ කරගනිමින් පක්ෂයේ ඉහළ තනතුරක් ද පිරිනැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 11 දා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී තමන් වෙනුවෙන් කැප වූ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් කොස්ගම කළුඅග්ගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය. එහිදී ප්‍රේමදාස මහතා පැවසුවේ, අනාගත ලෝකයට ගැළපෙන අයුරින් සිතන චම්පික රණවක මහතා වැනි උගත් බුද්ධිමත්  පුද්ගලයන්ට තම පක්ෂයේ දොරටු විවෘත කිරීමට කාලය එළැඹ ඇති බවයි.