ගංජා සුරුට්ටුවක් ළඟ තබාගෙන බීමතින් අති සුඛෝපභෝගී ජීප් රථයක් පදවමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි.

රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කළුබෝවිල, සරණංකර පාරේ  පාලම අසලදී මෙම ජීප් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු බීමත්වී සිට ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරු පැමිණි ජීප් රථය පරික්ෂා කිරීමේදී
රියැදුරු අසුන අසල සඟවා තිබූ ගංජා සුරුට්ටුවක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

ඒ අනුව සැකකරූ සහ ජීප් රථය පොලිසියට ගෙන ගොස් එහිදී සැකකරු ඇල්කොලයිස පරීක්‍ෂාවට ලක් කිරීමේදී
බීමත්ව සිටි බවට අනාවරණය වූ බව කියයි.

පසුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරුවන්ගේ පියා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස සේවය කළ අයකු බවද පැවැසේ.

කොළඹ 03. අල්විස් පාරේ පදිංචි 25 හැවිරිදි සැකකරු බීමතින් රිය පැදවීම හා ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ නුගේග්ගණ්ඩ අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ කොහුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ප්‍රියන්ත (33338), හුසේන් (90529) , නෙරංජන් (93753),පො.කො.රි. ප්‍රියන්ත (1944) නිලධාරීහු පරික්‍ෂණ පවත්වති.

පන්නිපිටිය - හෂාන් පුෂ්පික