එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ
ලිපිය කථානායකට
භාර දුන් බව නියෝජ්‍ය කථානායකවරයා අද  පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යා උපාධිධරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකුද වන වික්‍රමරත්න මහතා යහපාලන රජයේ සම්මතවූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරයාය.
ලබන මාර්තු 3 වනදා පාර්ලිමේන්තුව විසුරවීමට නියමිත බවට ආරංචි පැතිර තිබෙන අතර පාර්ලිමේන්තුව රැස්වන වාර ගණන තවත් ඉතා සීමිතය. ඉදිරි දින කිහිපය සදහා එජාපය අලුතින් මනිත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් ඒ අනුව පත් කරනු ඇත.
කතානායක කරු ජයසූරිය කතානායක ධූරයෙන් ඉවත්වී නැවත සක්‍රීය දේශපාලනයට පැමිණෙන බවට ඉගි පසුගිය සතියේ පළ කර තිබුණී.