යාපනය, විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් රැදී සිටි නේවාසිකාගාරයක් අසළ තිබු කඩු දෙකක් ඊයේ (09) සොයාගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

යාපනය
ආරක්ෂක අංශ පැවසුවේ යාපනය පරමේශ්වරන් මංසන්ධිය ප්‍රදේශයේ පැවති නේවාසිකාගාරයක් අසළ තිබි අදාළ කැපුම් ආයුධ සොයාගෙන ඇති බවයි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී අදාළ කඩු සොයාගෙන ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ ඉතා පැරණි තත්වයේ කැපුම් ආයුධ දෙකක් තිබි එලෙස සොයාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.