https://www.gossiplankanews.com/2020/01/ishini-wicremasinghe-zoo-department.html#more
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ටීඑන්එල් නාලිකාවේ අධ්‍යක්ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත.
ඇයගේ පියා ශාන් වික්‍රමසිංහ වන අතර පියාගේ සොයුරා රනිල් වික්‍රමසිංහයි. පසුගිය ජනපතිවරණ සමයේ
එජාපයේ සජිත් 

වෙනුවට පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් ඇය පෙනී සිටීම ගැන විවිධ විවේචන පැනනැගිණි.
ඇය ගෝඨාභය දිනවීම වෙනුවෙන් කළ කාර්යභාරයට කෘතවේදීත්වය දැක්වීම වෙනුවෙන් මෙම පත්වීම සිදු කර ඇත.
පරිසර, වනජීවී, ඉඩම්, ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මෙම පත් කිරීමට අදාළව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී තිබේ.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය කොළඹ කාන්තා විද්‍යාලයේ සහ එංගලන්තයේ සවුත් තේම්ස් විද්‍යාලයේ ආදි සිසුවියකි.
කෙසේ නමුත් නව අධ්‍යක්ෂවරිය මෙතෙක් දෙපාර්තමේන්තුවට පැමිණ නැති බවත්, ඇය පැමිණෙන දිනය පිළිබඳව දැනුම් දීමක් සිදුකර නොමැති බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.