හම්බන්තොට හුංගම ප්‍රදේශයේ මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙන බව වාර්තාවේ. භික්ෂූන්
වහන්සේ නමකට පොලිසිය එල්ල
කළ ප්‍රහාරයක් නිසා මෙය සිදුව ඇත.
හුංගම ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් එම මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට වැදීමෙන් එහි සිටි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ඇත.
හුංගම, හාතගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී පොලීසිය මෙය අත්වැරදීමකින් සිදුවූ මරණයක් ලෙස අර්ථ දක්වා තිබේ.
අණ නොතකා ධාවනය කළ යතුරු පැදියට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වැරදී ඒ අසළින් ගමන් ගත් වෑන් රථයට වැදුණ බවත් වෙඩි පහරින් වෑන් රථයේ ගමන් ගත් හිමි නම තුවාල ලබා රෝහල් ගත කළ පසුව අපවත් වී ඇති බවත් පැවසුණි.
වේ වන විට අපවත් වු හිමි නමගේ දේහය අගුණකොලපැලැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.