පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවූ මොහොමඩ් සහරාන්ගේ සොයුරා බව කියන මොහොමඩ් රිල්වාන් 2017 වසරේදී බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ඇමති රාවුෆි
හකීම් ඔහුගේ
ලෙඩ බලන්න යාම ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 17 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.
මේජර් අජිත් ප්‍රසන්න මේ ගැන පැමිණිල්ල සිදු කරන ලදි.
2017 කාත්තංකුඩිහි බෝම්බයක් අත්හදාබැලීමකදී මෙම තුවාල ලැබීම සිදුව ඇති බවත් රාවුෆ් හකීම් ඔහුව බලන්න ගිය බවට ඡායාරූප සාක්ෂි හමුවූ බවත් අජිත් ප්‍රසන්න දන්වා ඇත.
මෙම සිද්ධිය රූපවාහිනී නාලිකාවකින්ද විකාශය කර ඇති බව ඔහු කියා තිබේ. අදාළ රූපවාහිනී නාලිකාවේ වීඩියෝ කොටස්  විමර්ශනය සඳහා සැලකිල්ලට ගන්නා ලෙසත් ඒවා පොලිසියට ලබාදෙන ලෙසත් අධිකරණය මේ අනුව දන්වා ඇත.