ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයාබැලීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 2වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට තමා ඉදිරිපත් කළ යෝජනාව පිළිගැනීමට තිරණය ගෙන ඇති බව
ධීවර හා ජලජ
සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය. ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කළ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කළ පැමිණිලි කීපයක් විමර්ශනය කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් තමා කැබිනට් මණ්ඩලයට කරුණු  දැක්වූ බවද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ එක් ඡන්ද කොට්ඨාසයකට රුපියල් මිලියන 500 බැගින් ලබාදී ඇති මුදල් අයථා ලෙස පරිහරනය කිරිමේ සිද්ධීන් කීපයක් එම විමර්ශනයේදී අනාවරණය වූ බව අමාත්‍යවරයා පැවසීය. යහ පාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව රටේ යටිතල පහසුකම්වල තත්ත්වය වැඩිදියුණු කිරිම, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සහ ආර්ථිකයට වර්ධනය වේගවත් කිරීම සඳහා 2018 වසරේ ආරම්භ කරන ලද ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
ක්ෂේත්‍ර 12ක් ආවරණය වන පරිදි සෑම ඡන්ද කොට්ඨාසයකම ක්‍රියාත්මක කෙරිණ.


-දසුන් රාජපක්ෂ-