කටුනායක ගුවන්තොටුපොළට දුවයි බෑනාගේ මල්ලියි එයාගේ යහළුවකුයි ගියේ බෑනා ඩුබායි බලා යන ඇරලවන්නයි. ඔහු ඇරලවලා කටිටිය පාර ආපසු ගෙදර පැමිණෙමින් ඉඳලා නියෙනවා, මගේ නෝනා දුවලගේ ජංගම දුරකථනය කිහිපවතාවක්ම ඇමතුම් අරගෙන අහනවා මට ඇහුණ දැන් කොයි හරියෙද දුව එන්න
කියලා. දුව කියල තියනවා අපි ආපසු ගෙදර එන ගමන් ඉන්නේ අම්මේ අම්මා බය වෙන්න එපා අපි කරදරයක් නැතිව පරස්සමින් ගෙදර එනවා කියලා. එහෙම කියපු මගේ පුංචි දුවට මේ මොකද වුණේ කියලා හිතාගන්න බෑ. දුව බැඳපු පුතයි රට ගියේ. එයාට මේ සිද්ධිය කොහොම දවන්නද කියලා මට තේරෙන් නෑ" යයි ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20දා) අලුයම ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටීමෙන් මියගිය තරුණියගේ මරණ පරීක්ෂණයේදී ඇයගේ පියා (60) පැවැසීය.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20දා) අලුයම ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටී ත්‍රිරෝද රථයේ ඊටුපස ගමන් කරමින් සිටි අංක 15, මැදවල, මන්දාරම්නුවර පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ උදයංගනී කුමුදු කුමාරී දිසානායක (26) තරුණිය හා අංක 22/5 තැන්නපිටිය චත.
මල්පාන, කෙන්ගල්ල මහනුර ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂගෙදර සම්පත් පුෂ්ප කුමාර නමැති (22) තරුණයා එම ස්ථානයේදීම මිය ගියහ. මල්වාන, කෙන්ගල්ල අංක 08, ලීපිනයේ පදිංචි විජේසිංහ ආරච්චිලාගේ තරිදු ශෙහාර කෞෂල්‍ය
විජේසිංහ (19) තරුණයා බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන ලද අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය තරුණියගේ හා තරුණයාගේ මරණ පරික්ෂණය පෙරේදා (20දා) සවස කෑගල්ල නාගරීක රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරචිචි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී තංගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි. කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත (30855), පොලිස් කොස්තාපල් සුසන්ත (43497) මෙහිදී සාක්ෂි මෙහෙයවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියගිය තරුණියගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා මහතා,
"මගේ බිරිය කේ ඩී එමි. පොඩි මැණිකේ. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 37ක් පමණ වෙනවා. අපි දෙන්නාට දුවලා දෙන්නයි පුත්තු දෙන්නයි ඉන්නවා. ලොකු දුවයි,දෙවැනි පුතයි විවාහ වෙලා ඉන්නවා. තවැනි පුතා මන්දාරමිනුවර  සුමනරතනි නමින් පැවිදි වෙලා ඉන්නවා.මියගිය බාල දුව පල්ලේකැලේ ඇඟලුම් ආයතනයක වැඩට ගියා. මාස දෙකක කාලයක ඉඳලා ඒ රැකියාවට යාමත් නතර කරලා ගෙදර හිටියේ. මේ දුව බැන්ද පුතා තමයි ඩුබායිවල රැකියාව කළේ.

ඒ දෙන්නාගේ මගුල් ගේ පසුගිය ජනවාර් 06 දායි ගත්තේ. අරගෙන දුවයි බෑනයි පල්ලෙකැලේ කුලී නිල්වෙසක නැවතිලා හිටියා. ඒ බෑනාගේ 19 හැවිරිදි බාල සහොදරයාත් එතැන තාවකාලිකව පදිංචි වෙලා ඉදලා තියෙනවා. අන්තිමට දුවයි බෑනයි 18 වැනිදා අපේ ගෙදර අලා ඉඳලා 19 වැනිදා උදේ 10 ට විතර ඉන්න තැනට ගිහින් තියෙනවා. 20 වැනිදා පාන්දර 2ට බෑනට ඩුබායි බලායන ගුවන් යානය තියෙනවා කියලා. මගෙ තුන්වෙනි පුතා පදිංචිවෙලා ඉන්න පන්සලට ගියා. පස්සේ බිරිය දුවට බත් පාරිසල් තුනකුත් බැඳලා දීලා මඟදී කන්න කියලා. බෑනා ලංකාවට ආපු ගමන් දුවට කුරුණෑගල ප්‍රදේශයෙන් ත්‍රීවීල් එකක් අරන් දුන්නා. ඒ ත්‍රීවීල් එකෙන් තමයි බෑනගේ මල්ලියි, බෑනාගේ යහළුවකුයි, දුවයි බෑනා ඇරලවා ආපසු ගෙදර එන්න ගිහින් තියෙන්නේ.

ඊට පස්සේ මගේ බිරිය රාත්‍රියේ දුවගේ දුරකථනයට අවස්ථා කිහිපයකදීම ඇමතුම් අරගෙන කොහෙද ඉන්නේ තියලා අහනවා මටත් රෑ ඇහුනා.පස්සේ මම 20 වැනිදා පාන්දර 5ට විතර දුවගේ දුරකථනයට ඇමතුමක් ගත්තත් දුරකථනය වැඩ කළේ නෑ. අපි හිතුවා ෆෝන් එකට සිගිනල් නැතිව ඇති කියලා. මේ අය එන ගමන් තමයි ඇත්තේ කියලා හිතුවා.

පස්සේ කිහිපවතාවන්ම ගත්තා ෆෝන් එක වැඩ කරා, දුව කතා කළේ නෑ.

ඊට පස්සේ උදේ 8 ට විතර ගත්තාට පස්සේ කගල්ලේ පොලිසියේ මහත්තයෙක් කතා කරන්නේ කියලා කිව්වා. දුව ගිය ත්‍රිරෝද රථය කෑගල්ල ගලිගමුවේ දී අනතුරකට පවෙලා දුවයි එතන හිටිය අනිත් දෙන්නයි තුවාල ලබලා කෑගල්ල රෝහලේ කියලා.
පස්සේ අපි දෙතුන් දෙනෙක් ත්‍රිරෝද රථයකින් අපේ හාමුදුරුවෝ වැඩඉන පන්සලට ඇවිල්ලා ත්‍රිරෝද රථය පන්සලේ දාලා වෑන් රථයකින් කෙළින්ම කෑගල්ල මහ රෝහලට ආවා. පස්සේ මට රෝහලේදී දැනගන්න ලැබුනා දුවයි බෑනාගේ යහළුවයි මියගිහිල්ලා කියලා. බෑනාගේ බාල මල්ලී බරපතළ තුවාල ලබලා ප්‍රතිකාර ලබනවා කියලා. පස්සේ දුවගෙයි බෑනාගේ යහළුවාගෙයි මෘතදේහ හඳුනා ගත්තා.”

මියගිය අනෙක් තැනැත්තා වන තැන්නපිටිය වත්ත, මලිපාන, කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටි 21 හැවිදි රාජපක්ෂගේ සම්පත් කුමාර රාජපක්ෂ නමැති තරුණයාගේ පියා වන රාජපක්ෂගේ ගාමිණී රාජපක්ෂ (60) තිදරු පියාද මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ ලබාදුනි.

මෙහිදී කැලණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ ඊයදුරුවරයා වත්තෙගෙදර ,කොහිලගෙදර. කුරුගල ලිපිනයේ පදිංචි සේනානායක මුදියන්ස්ලාගේ කුසල්වන් කුමාර නමැති (40) මෙහිදී සාක්ෂි ලබා දුන්නේය.

"මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අවුරුදු නවයක පමණ කාලයක ඉඳලා මම කැළණිය ඩිපෝවේ රියදුරුවරයකු ලෙස සේවය කරනවා. ඒ අවුරුදු නවයෙන් අවුරුදු හතරක්ම මම මහ පාරේ වැඩ කළා. ඊට පස්සේ අවුරුදු පහම වැඩ කළේ කොළඹ මහනුවර මාළිගයේ. මගේ ඇස් හොදට පේනවා. කන් ඇහෙනවා. මට දවසක් ඇර දවසක් රැකියාව කරමින් සිටියා.

ඉකුත් 19 වැනිදා හවස මම බස් රථය භාර ගත්තා. හවස 6.10ට කොළඹ කොටුවෙන් මහනුවර බලා පැමිණියා. මහනුවරට එනකොට රාත්‍රි 10 ට ළංවලා තිබුණා. ඒ මහනුවර ඉඳලා පහුවදා 20 වැනිදා පාන්දර 4.30ට මහනුවරින් පිටත් වුණා කොළඹ බලා එන්න. කෑගල්ල ගලිගමුව දුර සේවා නැවතුම්පොළට එනකොට පාන්දර 5.30 පහුවෙලා තිබුණා. ගලිගමුව නගරයේදී දෙනෙක් හෝ තුන්දෙනෙක් පිටුපස දොරෙන් බස් එකට නැග්ගා මම දැක්කා. පස්සේ ආපහු කොළඹ බලා පිටත් වෙලා ඉදිරියට මීටර් 100ක් වගේ දුරට යන කොට ගලිගමුව විද්‍යාලය ඉදිරිපිටදී කොළඹ පැත්තේ ඉඳලා වේගයෙන් ත්‍රීවීල් එකක් එනවා මම දැක්කා. ඇවිල්ලා මගේ පැත්තටත් එනවා මම දැක්කා. මම හිතුවේ ගලිගමුව විද්‍යාලයථ යන්න යන ත්‍රීවිල් එකක් කියලා. එක පාරට දඩාං ගාලා මං වැඩකරන බස් එකේ දකුණු පැත්තේ ඇවිල්ලා ත්‍රීවීල් එක වැදුවා. මම ජනේලෙන් ඔළුව දලා බලනකොට ත්‍රීවීල් එකේ ටෙන්ට් එකත් පැත්තකට පාත් වුණා මම දැක්කා" පස්සේ බස් එකේ හිටිය අය සේරම බැහැලා බැලුවා. මමත් ගිහින් බලනකොට ත්‍රී වීල් එකේ පිටුපස හිටිය දෙන්නා පැත්තකට ඇලවෙලා හිටියා. එක්කෙනෙක්ගේ නළල පැත්තෙන් ලේ ගලනවා මං දැක්කා . ත්‍රීවීල් එකේදී කොටසක් බස් එක ඇතුළතට ගිහින් තිබුණ. ඊයැදුරුවරයා හිරවලා ඉන්නවා මම දැක්කා. පස්සේ ඩීසල් ත්‍රීවීල් එකක් ආවා. ඒකේ දෙන්නෙක් දාලා යැව්වා.පස්සේ මම බස් එකේ පිටි පස්සට ආවා. ටික වේලාවක් ගියාට පස්සේ ගිලන් රථයකුත් ආවා. අනිත් තුවාලකරුත් ඒකේ දාලා කෑගල්ලෝ රෝහලට එව්වා කියලා කොන්දොස්තරවරයා මට කීවා. පස්සේ මමයි කොන්දොස්තරයි  කෑගල්ල පොලිසියට ඇවිල්ලා සිද්ධිය සම්බන්ධයෙන් ඒ නිලධාරීන්ට කිව්වා.

මියගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නීලධාරි වෛද්‍ය ඩී.එස්. සුසන්ත ජයවීර මහතා විසින් සිදු කළ අතර තරුණියගේ මරණය රිය අනතුරකින් හිසට තුවාල වීමෙන් කම්පනයන් සිදුවූ හදිසි මරණයක් බවටත් තරුණයාගේ මරණයට හේතුව අනතුරකින් හිසට තුවාල වීමෙන් සුසුම්නාවට තුවාල වීමෙන්  හා කම්පනයෙන් සිදුවූ හදිසී මරණයක් බවට කෑගල්ල නාගරීක රෝහලේ හදිසි මරණ පරික්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක
මහත්මිය පැවසුවාය.

දමුණුපොළ - චමින්ද ජයලත්