මාතරින් කොට්ටාව හා කඩුවෙල වෙත ගමන් කරන අධිවේගී මාර්ග බස්රථවල චීන ජාතිකයින් බහුලය. මේ දිනවල කොරෝනා වෛරස් ආරංචි නිසා ඒවායේ සාමාන්‍ය මගීන් ගමන් කරන අවස්ථාවල චීන ජාතික අය
සමග ගමන් කිරීමට බියක් ඇතිව
තිබීමෙන් ගැටලු පැනනැගී ඇතැයි වාර්තාවේ.

 මගීන්ගෙන් පිරි ඇති අවස්ථාවල එක් හෝ විදේශිකයෙක් බස් රථයට ගොඩවීම නිසා සෙසු මගීන් විරෝධය පළ කරන බවත් ඇතැම් වේලාවක
චීන ජාතිකයන් අධිවේගී මාර්ගයේ බසයට නගිනවිට ශ්‍රී ලාංකික මගීන් බසයෙන් බැසීමට පුරුදුවී ඇතැයිද ඒ නිසා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අසීරු තත්වයකට පත්වී ඇතැයිද වාර්තාවී තිබේ.
මගීන් , බස් කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තම ජීවිත අවදානමට ලක්නොකර දේශීය මගින් පමණක් බසයට ගොඩකර ගන්නා ලෙසයි.
කොරෝනා පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වීමේ අවදානම ගැන පැතිර ඇති ආරංචිය නිසා මෙම අනියත සැකය ඇතිව තිබේ.