https://www.gossiplankanews.com/2020/01/corona-chinese-tour-sri-lanka.html#more
 යේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක්
ඇය ලංකාවේ ගතකළ

ස්ථාන
ගැන අවධානයට ලක්කර ඒ ආශ්‍රිතව සැරිසරා මේ වනවිට කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටී නම් වහාම අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී ඒ අනුව
ඇය ශ්‍රී ලංකාවේ ගතකර ඇති ස්ථාන මෙසේය.

19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් ‌හෝටලය.

20 – සීගිරියේ ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.

21 – සීගිරියේ සිට මහනුවර, කවුඩුපැලැල්ල , මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය

22 – ‘ඕක් රේ’ ‌හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය

23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,

24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය

කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා විසිහතර පැය හොට්ලයින් දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, මහජනතාවට 0710170717 හෝ 0113071073 යන දුරකතන අංක ඔස්සේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෛරසය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.