https://www.gossiplankanews.com/2020/01/deepika-acid-attack.html
න්දියාවේ සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ වෙළෙඳ සන්නාමයන් ගැන අලුත් කතාබහක් ඇගේ අලුත්ම චිත්‍රපටය සමග මතුව තිබේ. දීපිකා රගන ‘චාපක්’ නමැති චිත්‍රපටය ඇසිඩ් ප්‍රහාරයන්ට ගොදුරු වන කාන්තාවන් දෙදෙනෙකු අළලා නිර්මාණය වූවකි. එහි ඇසිඩ් ප්‍රහාරයට ගොදුරුවන එක් තැනැත්තියක වන්නේ දීපිකාය. ප්‍රහාර එල්ල කරන අය වෙනුවෙන්
නීතියේ තිබෙන අඩුපාඩු සකස් කිරීම සදහා ඇය යෙදෙන අරගලය මෙම චිත්‍රපටයේ දිවෙයි.
දීපිකා පදුකෝන් සුප්‍රකට යුනිලීවර් නිෂ්පාදනයක් වන ලක්ස් සන්නාමය ඇතුළු වෙළඳ නාම 23 ක් සදහා ගිවිසුම් අත්සන් කර මාසිකව ඒවායින් උපයන නිළියකි. දීපිකා ලක්ස් වලට අමතරව ඇක්සිස් බැංකුව, රෝයල් ඇට්මස්,

විස්ටාරා, කෙලොග්ස්, නෙස්කැෆේ, බ්‍රිටැනියා, ගිලට්, සිකුරු, ගොයිබිබෝ, කොකාකෝලා, ටානිෂ්, ඔපෝ, ජගුවාර් ලයිටින්, ලෝරල් පැරිස්, ජියෝ, නෙස්ලේ ෆෘටා විටාලිස් ටෙට්ලි ග්‍රීන් ටී, ලොයිඩ් ඒසී, මයින්ට්‍රා වෙළඳ නාම සමග සම්බන්ධිතය
ඇයගේ දැන්වීම් සඳහා ඇයට මාසිකව ඉන්දියානු රුපියල් කෝටි 8-10 ක් ලැබේ. චාපක් සඳහා ඇය කෝටි 26 ක් රගපාන්නට ඉල්ලා තිබූ බවද වාර්තා විය.

සමහර බොලිවුඩ් ජනප්‍රිය පුද්ගලයින් මෙම චැපක් චිත්‍රපටය තිරගත වීමට පෙර ඇයගේ ක්‍රියාව එඩිතර ක්‍රියාවක් ලෙස හැඳින්වූ අතර සමාජ මාධ්‍යවල එම කතාව ප්‍රචාරක උපක්‍රමයක් ලෙස විවේචනය කර තිබුනි.අනතුරුව අසිඩ් ගසාගෙන මුහුණ විරූපි කරගත් දීපිකා ගැන විවේචන ඇතිවිය. ‘චාපක්’ සහ දීපිකා වර්ජනය කිරීමේ ප්‍රවණතාව ද සමාජ මාධ්‍යවල දරුණු විය. දැන් මෙම මතභේදය ‘චාපක්’ චිත්‍රපටයට පමණක් සීමා නොවේ. දීපිකා ප්‍රවර්ධනය කරන වෙළඳ නාම සියල්ල වර්ජනය කිරීමේ රැල්ලක් බවට පත්ව තිබේ. ද ඉකොනොමික් ටයිම්ස් හි පළ වූ වාර්තාවකට අනුව, දීපිකා සමඟ සම්බන්ධ වී ඇති වෙළඳ නාමයන් කාලයක් තිස්සේ ඇගේ දැන්වීම් පෙන්වීමෙන් වැළකී සිටීමටද පටන්ගෙන තිබේ.