ඉන්දියාවේ උතුරු ප්‍රාන්තවල සහ නිරිතදිග පාකිස්තානයේ ප්‍රාන්තවල කාලගුණය දරුණ අතට හැරෙමින් තිබේ. පාකිස්තානයේ බලුකිස්තානය ඇතුළු නිරිතදිග ප්‍රාන්තවල අධික හිම පතනය සහ වර්ෂාව හේතුවෙන් 26
දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිමාචල් ප්‍රදේශ් හි හිම පතනය දිගටම පවතී. ලාහෝල් ස්පිටි හි සඳුදා අඟල් 18 ක හිම පතනයක් වාර්තාවූ අතර සංචාරය කිරීමට පෙර කාලගුණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ජනතාව ලබා ගත යුතු බවට  උපදෙස් ලබා දී ඇත.

සිම්ලා පොලිසිය ෆේස්බුක් හරහා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රවේශම් වන ලෙසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කාන්පූර් සහ මධ්‍ය ප්‍රදේශ්හි ඩේටියා යන ප්‍රදේශවලටද මෙම සීත දේශගුණය බලපා ඇත.
රාත්‍රියේදී උෂ්ණත්වය අංශක 5.4 දක්වා පහත වැටුණි. ජම්මු හා කාශ්මීරය සහ රාජස්ථානයේ සමහර ප්‍රදේශවල දැඩි හිම කැට වර්ෂාව වාර්තාවී පවතී.
හිම පතනය හා නායයෑම හේතුවෙන් ශ්‍රීනගර්-ජම්මු අධිවේගී මාර්ගය වසා දමා ඇත
පාකිස්තානයේ අධික වර්ෂාව සහ හිම පතනය සාමාන්‍ය ජීවිතයට බලපා ඇත. රටේ බොහෝ ප්‍රදේශවල හිම පතනය සහ වර්ෂාව හේතුවෙන් පසුගිය පැය විසිහතර තුළ පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බලුකිස්තානයද හිම පතනයෙන් හා වර්ෂාවෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත. මෙහි විවිධ සිදුවීම්වලින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ. පන්ජාබ් පළාතේ ළමුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මිය ගියහ. බලුකිස්තානයේ දිස්ත්‍රික්ක 7 ක හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ.