9.00pm
ද (27) සන්ධ්‍යා කාලයේ ලැබුණ වාර්තා අනුව ශ්‍රී ලංකාවෙන් පළමු වරට කොරෝනා වෛරස් ආසාදිතයකු හමුවී තිබේ. එම ආසාදිතයා චීන ජාතික කාන්තාවකි. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය
පසුගියදා (25)කොළඹ

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව රාත්‍රී 8.30 ට පමණ තහවුරු කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ මාධ්‍ය හරහා ඉල්ලා සිටින්නේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැනට ගනු ලබන ක්‍රියාමාර්ග නිසා කලබල නොවන ලෙසයි.
වයස අවුරුදු 43 ක් වන මෙම කාන්තාව දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් ඇය සංචාරය කළ
ප‍්‍රදේශ සහ ඇය සමග සිටි පුද්ගලයින් පිලිබදවද මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කරමින් සිටින බවත් වාර්තා වනවා.