ළඟදීම ඉරානය වෙත යැමට තමා බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරා මාධ්‍යෙව්දීන් හට පවසා ඇත.

ඔහු ඉරානය (පැරණි පර්සියාව) විස්තර කර ඇත්තේ, දැනුම්, සංස්කෘතිය, කාව්‍යකරණය, කලාව සහ සුවිශේෂ පුද්ගලයන් පිළිබඳ සුප්‍රකට ලෝකයේ වැදගත් දේශයක් ලෙසය.

පසුගියදා රාජකීයත්වය අතහැර දැමූ ඔහුගේ කණිටු පුතු හැරී කුමරු සම්බන්ධයෙන් මේ අවස්ථාවේ මාධ්‍යවේව්සින් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම චාල්ස් කුමාරයා ප්‍රතික්ෂේප්ප කර ඇත.

ඉරානය සහ බටහිර රටවල් අතර අර්බුදයක් පැන නැගී ඇති අවස්ථාවක කුමාරයා එරට චාරිකාවක යෙදීමට සුදානම් වීම බොහෝ පිරිසකගේ කතාබහට තුඩුදී තිබේ.

ඉරානයේ බන්ධනාගාරගතව සිටින නසානින් සඝාරි-රැට්ක්ලීෆ්  ඇතුළු දිවිත්ත්ව පුරවැසිභාවය ඇති පිරිස් නිදහස් කරන මෙන් බ්‍රිතාන්‍යය විසින් ඉරානයට පත්වනු ලැබ ඇති පසුබිමක මෙම චාරිකාව කෙරෙහි දේශපාලන විචාරකයන් වීශේෂ අවධානය යොමු කර ඇත.

නසානින් සඝාරී-රැට්ක්ලිෆ් යනු 2016 අප්‍රේල් 3 දින සිට ඉරානයේ බන්ධනාගාරයක සිරගත කර සිටින 41 හැවිරිදි ඉරාන ජාතික කාන්තාවකි. බ්‍රිතාන්‍ය ජාතිකයකු සමඟ වීවාහ වී සිටින ඇයට දෙරටෙහිම පුරවැසිභාවය හිමිය.

ඉරානයේ සිටින තම මවුපියන් හට සිය සිඟිති දියණිය පෙන්වීම සඳහා එහි ගිය අවස්ථාවේ ඉරාන ආණ්ඩුව විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉරානයට විරුද්ධව ඔත්තු බැලූ බවට හා ඉරාන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමිනි.

මෙම චෝදනා යටතේ 2016 සැප්තැම්බරයේදී ඉරාන අධිකරණයක් විසින් ඇයට 5වසරක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

දෙරට අතර දේශපාලන ක්‍රීඩාවේ ඉත්තකු බවට තම බිරිය පත් කරගෙන අනැයි ඇය නිදහස් කරගැනීමට උපකාර ඉල්ලා ඔවුන් 5 හැවිරිදි දියණිය ගේට්‍රියලා සමඟ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන් සහ විදේශ ලේකම් ඩොමිනික් රාබී හමුවූ අවස්ථාවේ ඇගේ සැමියා වන රිචඩ් රැට්ක්ලිෆ් චෝදනා කළේය.

ඇයට නිදහස ලැබීමට තිබූ අල්ප සුබවාදී බලාපොරොත්තුව පවා, ඉරාන හමුදා නායක කාසිම් සුලෙයිමානී ඝාතනයෙන් පසු ඇතිවී තිබෙන අර්බුදය නිසා බොදවී අතයි ඇයගේ සැමියා පවසයි.

තමන්ට එරහිව ඉරාන රජය නඟන අභූත චෝදනා  සඝාරී රැට්ක්ලිෆ් ප්‍රතික්ෂේප කර ඇත.