https://www.gossiplankanews.com/2020/01/champika-ranawaka-wife-speaks.html
හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට ඉහත අන්තර්ජාලයේ පළවූ ලිපියකින් ඔහු අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඇත්තෙකු බවත් බිරියට දියණියට වදදුන් තැනැත්තෙකු ලෙසත් අනියම් ඇසුරුකම් පවත්වා දේශපාලනයෙන් ඉහළට යන්නට යත්න දැරූ අයෙකු ලෙසත් හෙළිදරව්වක් කර තිබුණි. 'චන්දන' යන අන්වර්ථ නාමයකින් චම්පිකව හඳුන්වා කියවන්නා තුළ ඔහු ගැන ජුගුප්සාජනක හැඟීමක් ඇතිවන ආකාරයට
රචනා කර තිබූ මෙම ලිපිය පළවූයේ මහින්ද පාලන සමයේ චම්පික ඇමතිවරයෙකුව සිටියදී ලංකා ඊ නිවුස් නමැති වෙබ් අඩවියේය. ඊට මාස කිහිපයකට පසුව එම වෙබ් අඩවියේ මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන්වූ පසු එක්නැලිගොඩ විසින් පෙරකී ලිපිය ලිවූ  බවටත් එම අතුරුදන්වීම හා ලිපිය අතර සම්බන්ධයක් ඇතැයි දක්වමින් කථාවක්ද පැතිරිණි.
කෙසේ වෙතත් එම කතා සත්‍යයෙන් තොර බවත් ලිපිය ලියුවේ එක්නැලිගොඩ නොවන බවත් එම වෙබ් අඩවි කර්තෘවරයා මෙන්ම අතුරුදන් අයගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩද ප්‍රකාශ කර තිබුණි.
චම්පික රණවක ප්‍රසිද්ධියේ පෙනී සිටින කිසිදු අවස්ථාවක ඔහුගේ බිරිය සොයාගන්නට නොමැතිවීම මත ඔහුගේ පවුල් ජීවිතය තුළ කිසියම් ගැටලුවක් ඇතැයි අදහසක්ද පැතිර තිබුණි. මේ අතර 2013 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 3 වැනියා බවට පත්වූයේ චම්පිකගේ දියණියක වන කොළඹ විශාඛා විද්‍යාලයේ මදස්මිතා රණවකයි.

ඇය එවක ජනපති මහින්ද අතින් ත්‍යාග ලබන්නට පැමිණි අවස්ථාවට දෙමාපියන් නියෝජනය කරමින් චම්පිකද පැමිණියේය.

පසුගිය දිනවල චම්පික රණවක අත්අඩංගුවට පත්වීම හා දේශපාලන වශයෙන් ඔහු ගැන විරුද්ධ අදහස් සමාජ මාධ්‍ය තුළ පැතිරීම සිදුවන අතරේ පෙර සදහන් ලිපියද යළි කරළියට පැමිණි අතර එය අන්තර්ජාලයේ නැවත හුවමාරුවිය. එසේම ඒ ලිපිය ගැන කිසිවක් සොයා බලන්නට අවබෝධයක් නැති මෑත කාලීන යූටියුබ් නාලිකා එහි සදහන් කරුණු රසකර ඉදිරිපත් කරන අයුරුද වාර්තා විය.මේ අතර මේජර් අජිත් ප්‍රසන්න මාධ්‍ය හමු පවත්වමින් ඒවා සත්‍ය කරුණු ලෙස විද්‍යුත් මාධ්‍ය වෙතද යොමු කර තිබේ.
මෙම වාර්තාකරණය නිසා චම්පිකගේ බිරිය හා දියණියන් දෙදෙනා දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. ඒ ගැන ඔවුන්ට කතා නොකර සිටීමට බැරිම තැන ඊයේ චම්පිකගේ දික්කසාදවූ  බිරිය වීඩියෝවක් නිකුත් කරමින් මේ ගැන පැහැදිලි කර තිබෙන අතර චම්පිකගේ බාල දියණිය එය ෆේස්බුක් වෙත සටහනක් සමග යොමු කර තිබුණි.
චම්පික රණවකගේ දික්කසාද බිරීඳ වූ රේණුකා දමයන්ති ප්‍රනාන්දු මෙසේ කියන්නීය.
"මම විවාහ වුනේ පාඨලී චම්පික  රණවක සමග. මෑතකාලීනව එතුමාව  අත්අඩංගුවට ගත්තාට පසුව අපේ පවුලට නින්දා අපහාස වන ආකාරයට වීඩියෝ පටයක් ප්‍රචාරණය වෙමින්  පවතිනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදී එවැනි දේවල් සිදුවුණා.නමුත් අපි. ඒවා එතරම් ගණන් ගත්තේ නැහැ. කාලයත් සමග ඒ දේවල් ගැන කතා කරන එතරම් අවශ්‍ය වුණේ නැහැ. මගේ දරුවන්ටත් මගේ මහත්තයාටත් ලොකු හානියක් මේ වෙන දේ. අපේ  ජීවිතවලට අපේ පවුල්වලට මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අපේ සාමාන්‍ය ජීවිතයට මේක ලොකු පහරක් වලා තියෙනවා,
මේ කියන කිසිම දෙයක් සත්‍ය නෙවෙයි. මමයි චමිපිකයි එකම ඉස්කෝලෙ ඉගෙන ගත්තු බව ඇත්ත. අපි විවාහ වුණා. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවා දෙන්නාත් සමග අපි හොද ජීවිතයක් ගතකළා. නමුත් ඇතිවුණ පොඩි පොඩි හේතු මත අපි දික්කසාද වුණා. එහෙම දික්කසාද වුණත් දරුවන්ගේ කටයුතුවලදී අපේ පවුලේ සියලුම කටයුතුවලදීත් චම්පිකගේ පවුලේ කටයුතුචලදීත් අපි දෙන්නා සියලුම
දේට එකට සහභාගි වුණා.

 දරුවන්ගේ ගැටලුවලදී මගේ ගැටලුවලදී අසනීපයකදී අපි එකට හිටියා. එයා මගේ හොඳ යාළුවෙක්, මම එයාට ගරු කරනවා. ඒ වගේම එයා මට හමුවුණ කාලෙත් බොහොම කුඩා අවධියේ 1976දී තමයි මම එයාව හරියටම දැන අඳුනාගත්තේ. ඒ කාලේ පටන් එයා ඇගේ දේශපාලනය තිබුණා. මම ඒක තේරුම්ගත්තා. අපි විවාහ වෙද්දිත් එයා මට ඒක පැහැදිලිවම කිව්වා. පළමුව රට දෙවනුව අම්මා
තුන්වැනි තැන ඔයාට දෙන්නම් කියලා,  අපි ඒ එකඟත්වයෙන් විවාහ වුණේ. අපට හොඳ දරුවො ලැබුණා.

 අපට හැකි උපරිමයෙන්  දරුවන් හදාගත්තා. එයාට තියෙන බුද්ධියයි මගේ තියන  හැකියාවයි නිසා ඒ දරුවෝ දෙන්නම දක්ෂ දරුවෝ වුණා, රටට වැඩදායී  විදිහට චම්පික යන ගමනට අත්වැලක් වන්න අපට හැමදාම ඕන වුණා. එතැනදී අපේ දරුවාත් මමත් මගේ  නැදෑයෝත් චමිපිකගේ නෑදෑයෝත් එයා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා.  ඒ අතරේදී පසුගිය කාලයේ චම්පිකව  අත්අඩංගුවට ගැනීමත් සමග නැවතත්
අර වීඩියෝ පටය අජිත් ප්‍රසන්න කියන  පුද්ගලයා විසින්

අන්තර්ජාලයේ පළ කරලා හැම චැනල් එකකම විකාශනය  වුණාට පස්සේ තමයි මම හිතුවේ මම  මේ ගැන බලන් හිටියා ඇති කියලා.  ඒ විඩියෝ පටයේ තිබෙන කිසිම  දෙයක් සත්‍ය දේවල් නෙවෙයි.

ඒ තරම් අමානුෂික පුද්ගලයෙක් නෙවෙයි  චමිපික. ඒ චරිතය පුදුම සංකීර්ණ චරිතයක්. එයා චිත්‍ර අඳින්නද සංගීතයටද කථිකත්වයටද දක්ෂයි ඒ සියලු  දේ සමග යන මානසික ගතිගුණ එයාට  තිඛෙනවා. ඒ කියන විදිහේ අමානුෂික කැත විදිහේ දේවල් කරන්නවත් එවැනි දේවල්වලට අපිව පොලඹවනවත්, මගේ දරුවන්ව පාවිච්චි කරලා පාසල්වල ගුරුවරුන්ට කිව්වා කියන චෝදනාත් අපි තරයේ ප්‍රතිශ්‍යප  කරනවා. එවැනි දේවල් සිදුවුණා නම්,  ඒ දේවල් ඔප්පු කරන්න කියන්න ඕන. මම ඒ මිනිස්සු දැකලත් නැහැ. මට ඒ අය හමුවෙන්න අවශ්‍යතාවකුත් නැහැ. එහෙම හමුවෙනත් නැහැ. මට මගේ දරුවෝ වෙනුවෙන් කරන්න රාජකාරි ගොඩක් තිබ්බෙනවා.

චම්පික පූර්ණකාලීන දේශපාලනයට කැපවුණ  පුද්ගලයෙක් හැටියට මගේ දරුවෝ කෙරහි මට ලොකු වගකීමක්  තිබෙනවා. දරුවන්ගේ කටයුතු සමග  මම ජීවිතය සාමාන්‍ය විදිහට හිතකරපු ගැහැනියක්. මගේ දරුවො දෙන්නව  හැදුවත් එහෙමයි. අපි සාමාන්‍ය විදිහට පොළොවේ පය ගහලා ජීවත් වුණ චරිත. මිනිස්සුන්ගේ කතාවලට මම සැලෙන්නේ නැහැ. නමුත් මේක තවදුරටත් බලාගෙන ඉන්න බැහැ.  මොකද අපේ දරුවන් දෙන්නම තරුණ දියණියෝ දෙනෙක්, ඒක එයාලට හොඳ නැහැ,  ඒ වගේම චමිපික මෙතුවක් කල් රට
වෙනුවෙන් කරගන ආව දේවල් එක්ක එයාව එකපාර චප්ප කරලා දාන්න දීලා මේ දේවල් එක්ක තවදුරටත් මට  නිහඩව ඉන්න බැරීවුණා. ඒනිසයි මම  මේ ප්‍රකාශය කරන්නේ.
බොරු චෝදනා කරන මේ පුද්ගලයන්ගේ මානසීකත්වය  මම දන්නේ නැහැ. එයත් තාත්තා
කෙනෙක් වෙන්න ඇති, එයාටක් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න තාත්තෙක් විදිහට මාධ්‍යවල ඒ වගේ කතාකරන එක ගැන මට ඇත්තටම කනගාටුයි.  මමත් මගේ දරුවන්වත් චමිපිකවත්  කාටවත් හිරිහැර කරලා නැහැ,
අපි සාමාන්‍ය විදිහට ජීවත්වුණ සාමාන්‍ය  පවුලක්. චම්පික මට කිව්වෙත් සාමාන්‍ය විදිහට දරුවෝ දෙනවා හදන්න කියලා"

ඊයේ (13දා) චම්පික රණවකගේ දියණියගේ ෆේස් බුක් පිටුවට එක් කර තිබූ සටහන පහතින්