ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා රජය විසින් මෙරට ඉන්ධන මිල සඳහා ද ගැළපුමක් කරනු ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (15) ප්‍රකාශ කළේය.

අවශ්‍යයෙන්ම ඉන්ධන මිල වැඩිවීමක් විය යුතු බව පැවසූ ඇමැතිවරයා දැනටමත්
ඉන්ධන සපයන්නේ අලාභ විඳිමින් බව ද කීවේය.

ජාත්‍යන්තර යුද තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ ඇමැති බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ඉන්ධන නිෂ්පාදනය වීමක් සිදු නොවන නිසා මිල ගැළපුමක් කරනු ඇතැයි ද කීය.

ඉන්දියානු තෙල් සමාගම මේ වන විටත් මිල ගැළපුමක් සිදුකර ඇතැයි ද රජය දැනටමත් ඉන්ධන සපයන්නේ සහනාධාර ලබා දෙමින් බව ද කී ඇමැතිවරයා ඇති වන පාඩුව ජනතාව විසින් දරාගත යුතු බවද කීය.

කෙසේ වෙතත් පවතින යුද තත්ත්වය යටතේ ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස එක්ටේන් 92 හා 95 පෙට්‍රල් දින විස්සකටද, ඩීසල් දින විස්සකට හා සුපිරි ඩීසල් දින දහ නවයකටද, ගුවන් යානා ඉන්ධන දින පහළොවකටද වශයෙන් පවතින බව පැවසුවේය.