1990 දශකයේ හින්දි සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ  කාජල් ලෙසින් ප්‍රකට,කාජල් දේව්ගන් 1974 අගෝස්තු 5 වැනි දින උපත ලැබූ ඉන්දීය සිනමා නිළියෙකි.  "බාසිගර්(1993)" චිත්‍රපටය හරහා මුලින්ම ජනප්‍රියවූ ඇය  ශාරුක් ඛාන් සමඟ
රඟපෑ "දිල් වාලේ දුල්හනියා ලේජායෙන්ගි(1995),

කුච් කුච් හෝතා හේ(1998), "කබි කුශි කබි ගම්(2001), මයි නේම් ඊස් ඛාන්, කල් හෝ නාහෝ, දිල්වාලේ(2015)  නිසා අතිශය සාර්ථකත්වයට පත්විය. හොඳම නිළියට හිමි සම්මාන 3 ක් ෆිල්ම් ෆෙයාර් උළෙලේදී ලබාගත්තාය.
 2001 සාර්ථක වු කබි කුශි කබි ගම් චිත්‍රපටයෙන් පසුව ඇය පවුල් ජීවිතය වෙනුවෙන් කැපකර අවුරුදු පහක විරාමයක් ගත්තාය. ඇය නැවත පැමිණියේ "කුනාල් කොහ්ලි" ගේ "ෆනා"(2006) චිත්‍රපටයෙනි.එ සඳහා ඇයට හොඳම නිළියට හිමි සම්මානය හතරවෙනිවරටද ලැබිණි.
බොලිවුඩ් නළු අජේ දේව්ගන් හා විවාහ වී සිටින කාජල් ට දියනියක හා පුතුන් තිදෙනෙකු සිටී. එම පවුලේ ඡායාරූප එකතුව පහතනි