සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදවල යෙදුණු විනිසුරුවරුන් අධිකරණයේ
පූඡනීයත්වය කෙළසා ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ඡනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවේ ඊයේ කියා සිටියේය.

මේ නත්ත්වය හේතුවෙන් ඡනතාව අධිකරණය හෙළා දකින තත්ත්වයකට පත්වී ඇතැයි කී දිලීප පීරිස් මහතා මෙය අධිකරණයේ ස්වාධීනත්වයට විශාල බලපෑමක් යැයිද කීය.

නීතිපතිවරයා නියෝඡනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා මෙසේ පැවැසුවේ අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්ත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ දිලිප පිරිස් මහතා අධිකරණ විනිසුරුවරුන්, පොලිස් නිලධාරින් ඇතුළු විවිධ තනතුරු දරන විශාල පිරිසක්ඳ රන්ජන් රාමනායක මහතා
සමග සංවාඳ පවත්වා ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් විමර්ෂන සිදු කෙරෙන්නේ යැයිද කීය.

මෙම සංවාදවලට සහභාගිවූවන් කවුරුන් වුවද ඔවුන්ගේ තත්ත්වය, තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්න රණසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා බලපෑම් කළ බවඳ කිසිදු විනිසුරුවරයකු පොලිසියට හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවට හෝ පැමිණිලි කොට නැතැයි ද අදාළ විනිසුරුවරුන් අවංක පුද්ගලයන් නම් ඔවුන්ට මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට හෝ
පොලිසියට පැමිණිලි කිරීමට හැකියාව තිබුණේ යැයිද පෙන්වා දුන්හ.

දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩුව විමසූ මහාධිකරණ විනිසුරුවරියකට  තම සේවාදායකයා බලපෑම් කළ බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරන නමුත් එම නඩුවේ අභියාචනය විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මහාධිකරණ තීන්දුව ඒකමතිකව අනුමත කොට ඇති බව කියා සිටි නීතිඥ වසන්න රණසිංහ මහතා කෙසේ වෙතත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට කිසිවකු හෝ බලපෑම් කළ බවක් මේ දක්වා හෙළි වී නැතැයි ද පැවසිය.

මනෝප්‍රිය ගුණසේකර