තලෙයිමන්නාරම පිහිටි රුපියලක්ෂ 240ක් වටිනා අක්කර 40ක ඉඩමකට හොර ඔප්පු සකසා අත්පත් කර ගත්තැයි කියන සිද්ධියට අදාළව රිෆ්ඛාන් බදියුදීන් යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වුවද ඔහු පොලීසිය මගහැර සැඟව ඇතැයි අපරාධ පරිත්යණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඉකුත් ඳා (09) කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් කිහිප අවස්ථාවකම නියෝග කළ බවත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා සෑමේදී මෙම තැනැත්තා නිවසේ නොමැතිව සැඟව ඇති බවත් මෙහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඉකුත්ද (09) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සිද්ධියට අදාළව කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාගේ සෝහොයුරා
වන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුනේ ඉකුත් දෙසැම්බර් මස 05 වැනිදායි.

මන්නාරම තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිරව් හෙවත් වෙටිටිතිරව් නමැති අක්කර 40ක මෙම ඉඩම සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුනේ අංක 15 ඒ, /1/1  ශ්‍රී සද්ධරම මාවත කොළඹ 10 ලිපිනයෙහි පදිංචි අබ්දුල් කාසිම් මොහොමසි සලාහි නමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ නොවැමිබර් මස 16 වැනිදාය.ෙ

මෙම ප්‍රශ්නගත දේපළ සම්බන්ධයෙන් රිෆ්කාත් බදුර්දීන් හා ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් සමග එකගතාවකට පැමිණ එම දේපළ අදාළ එස්කාස් කැපිටල් දිග්ගල පුද්ගලික සමාගමට පැවරූ බවත්, ඒ සඳහා එම සමාගම රුපියල් මිලියන 25ක් ලබා දුන් බවත් පැමිණිලිකරු සඳහන් කර ඇති බැවින් මෙම සිද්ධිය සමථයකට පත් වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 2017 අගෝස්තු මස 02 වැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.

ඒ අනුව මෙම නඩුව අවසන් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.
එසේම, රුපියල් මිලියන 25ක මුදලට අමතරව රිෆ්ඛාන් බදියුදීන් වෙනුවෙන් ආරිෆ් නමැති පුද්ගලයකු රුපියල් මිලියන 30ක චෙක්පතක් ද ලබාදුන් අතර එම චෙක්පතට අඳාළ මුදල් 2017 07 24 වැනිදා වන තුරුත් ලබා නොදී වංචා කළ බවත් පැමිණිලිකරු නැවත පැමිණි කළ බැවින් මෙම නඩුව නැවත ආරම්භ කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

මන්නාරම තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිරව් හෙවත් වෙට්ටිතිරවි නමැති අස්කර 40ක ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3හි ස්ථානාධිපති නාලනී දිසානායක මහත්මිය විසින් ඉකුත් 2016 වර්ෂයේදිය.

මෙහි පැමිණිලිකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, තමන් විසින් 2013 ජුනි මස 25 දරන විකුණුම්කර ඔප්පු මහින් තලෛමන්නාරම පලගමය පිහිටි උප්පුතිරව් හෙවත් චට්ටිකරව් නමැති අක්කර 40 බැගින් වූ ඉඩම් ඉකොටස් දෙකක් රුපියල් ලක්ෂ 240ක් ගෙවා මිලදී ගෙන එම ඉඩෙමේ මායිම් ලකුණු කර වෙන්කළ බවත්, එසේ මිලදී ගැනීමෙන් මාස කිහිපයකට පසු රිෆ්ඛාන් බදුදින් යන අය ඇතුළු පිරිසක් එම ඉඩමට අයිතිවාසිකම් කියමින් තමාට එම දේපළට ඇතුළුවීමට බාධා කළ බවත් ය.

එමෙන්ම, තමන් විසින් මිලදී ගත් දේපළ සඳහා වංචනික ඔප්පු සකසා මුදල් හා දේපළ තමාට අහිමි කර ඇති බවද පැමිණිළිකරු වැඩිදුරටත් රහස් පොලිසියට සඳහන් කර ඇත.

මෙම සිද්ධිය දණ්බ නීති සංග්‍රහයේ 400,403,454,457,459,102,113 යන වගන්ති ප්‍රකාරව වරදක් බවට රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

(නිමන්ති රණසිංහ)