මෙි වනවිට බ්‍රිතාන්‍යයේ වැඩිම කතාබහට ලක්වන සිදුවීම බවට පත්ව ඇත්තේ හැරී හා මෙගන් දෙදෙන රජ පවුලෙන් ඉවත්වීමේ තීරණයයි. එම සිදුවීමෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ දරන දෙවන එලිසබෙත් රැජින පවුලෙ රැස්වීමක් පවත්වන්නට යෙදුණ අතරවාරයේ එරට මාධය වල පළවූ එක්තරා පුවතක් මෙම සිද්ධිදාමය නොමග යවා ඇති බවට හැරී හා  විළියම් චෝදනා කරති. මේ හේතුවෙන්
ඉතා කලාතුරකින් සිදුවන

හැරී විළියම් ඒකාබද්ධ නිවේදනයක්ද 13 සදුදා නිකුත් කර තිබුණි.
එයින් කියැවුනේ “හිරිහැර කිරීමේ ක්‍රමවේදයක්” ලෙස විලියම් කුමරුගේ නමත් මෙගන් මාර්කල්ගේ නමත් එකට ඈඳා ගොතා ඇති කතාව මුළුමනින්ම අසත්‍ය බවයි. බ්‍රිතාන්‍ය මාධ්‍ය අතර වැඩිවශයෙන් හුවමාරුවූ මෙම පුවතින් පවසා තිබුනේ මෙගන්ගේ දැඩි තීරණයට බලපෑවේ ඇයත් හැරීගේ සොයුරා විළියම් කුමරුත් අතර පවතින විරසකයක් බවයි.විලියම් මේගන් සමඟ සුහදව නොසිටි නිසා එලිසබෙත් රැජිනගේ සැන්ඩ්‍රින්හැම් වතුයායේ හදිසි රැස්වීම පවා කඩාකලප්පල් වූ බවට එම පුවතින් හෙළි කර තිබුණි.
සහෝදරයන් සඳුදා දුර්ලභ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “පැහැදිලි ප්‍රතික්ෂේප කිරීම් තිබියදීත්, එක්සත් රාජධානියේ පුවත්පතක සසෙක්ස් ආදිපාදවරයා සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා අතර ඇති සම්බන්ධය ගැන අනුමාන කරමින් අසත්‍ය කතාවක් පළකර තිබෙන බවය.