බදුල්ල. කයිලගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයකු එම නිවසේ තනිව සිටි කාත්තාවකගේ ගෙල කපා ඊයේ (28දා) දහවල් මරා දමා ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

බදුල්ල, කයිලගොඩ පදිංචි රවී අන්දපන් ගෞරී දේවි නමැති හතළිස් අට හැවිරිදි දෙදරු මවක් මෙසේ ගෙල කපා මරා දමා තිබේ.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා බදුල්ල නගරයේ වෙළඳසලට ගොස් ඇති අතර ඇයගේ දරුවන් පාසලට ගොස් සිටියදී කිසියම් පුද්ගලයකු විසින් නිවසට ඇතුළු වී මෙම මරණය සිදුකර තිබේ.

මෙම කාන්තාවගේ ගෙල කපා බිම වැටී සිටියදී අසල්වාසීන් විසින් මෙම

කාන්තාව බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් මෙම කාන්තාව මිය ගොස් තිබේ.

මෙසේ මරා දැමීමට නිශ්චිත හේතුවක් මෙතක් අනාවරනය වී නොමැතී අතර මෙම කාන්තාව මරා දැමූ පුද්ගලයා කව්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය ගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

බදුල්ල මුලස්ථාන පොලි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ඩී.එම්. වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ නිලධාරිහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

බණ්ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම, දෙමෝදර - ජයලත් දිසානායක