මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සහ මිනිස්  ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට  පොරොන්දු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල්
සාෆර් මහමුද් අබ්බාසි  (Zafar Mahmood Abbasi) මහතා පෙරේදා (27) අමාත්‍යංශය පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමු වූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීම වෙනුවෙන් රජය ගන්නා උත්සාහයට  පාකිස්තානයේ සහාය ලබාදෙන බව පවසා තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීම සඳහා තම රටේ සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින් අද්මිරාල් අබ්බාසී පවසා ඇත්තේ තොරතුරු හුවමාරුව සහ ආරක්ෂික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර පවත්නා සහයෝගිතාව තවදුරටත් වැඩි කළ යුතු බවයි. ‘ශ්‍රී ලංකා නාවික හමුදාවේ හවක්‍රාෆ්ට් යාත්‍රාව (Hovercraft)  අලුත්වැඩියා කිරීමට සහ යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමට ද පාකිස්ථානය සහාය වන බව ද අද්මිරාල් අබ්බාස් මහතා සඳහන් කර ඇත.

-ඉන්දිකා රාමනායක-