https://www.gossiplankanews.com/2020/01/azerbaijan-sri-lankan-deaths.html
රානයට ආසන්න අසර්බයිජාන් රාජ්‍යයේ , බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රාහනය වී මියයාමේ සිද්ධියක් ජනවාරි 09 වැනිදා වාර්තා විය.එම නේවාසිකාගාරයේ පහත මාලයේ ඇති වු
ගින්නෙන් පිටවු දුම ආඝ්‍රනය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවයෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව වාර්තා විය.
මියගොස් ඇති ශිෂ්‍යාවන් තිදෙනා පිළියන්දල සහ කැලණියේ පදිංචි කාරියන්වේ. මොවුන් වයස අවුරුදු 21, 23 සහ 24 හැවිරිදි වියේ පසුවන අතර

21 හා 23 දෙදෙනා පිළියන්දල පදිංචි එකම පවුලේ සහෝදරියන් බව වාර්තා වේ.
24 හැවිරිදි සිසුවිය කැළණිය ප්‍රදේශයේ පදිංචි අනෙක් දෙදෙනාගේ මිතුරියකි.
සාමාන්‍යයෙන් ලංකාවේ අය බෙහෙවින්ම නොයන රටක් වන
අසර්බයිජාන් වෙත ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ 2019 වසරේ ජුලි මස 16 වන දායි.
තිදෙනාම බටහිර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ විලාසිතා නිර්මාණ පාඨමාලා හැදැරීම සිදු කරමින් සිට ඇත.
අවාසනාවන්ත ලෙස ඔවුන් කාබන්මොනොක්සයිඩ් දුම ආඝ්‍රානයෙන් මියයන්නේ පසුගිය 9 වනදාය.

අසර්බයිජාන්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට දුෂ්කර තත්වයක් මතුවිය.
ඉරානයේ ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත්
එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට එකග වූ බවත්  විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසා සිටියේය.
ඒ අනුව මියගිය ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වනු ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.