https://www.gossiplankanews.com/2020/01/ashen-speaks-ranjan.html
රන්ජන් රාමනායක ගැන සිදුකරන විමර්ශන වලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ දිනයේ (12) සමාජජාල ක්‍රියාකාරි අශේන් සේනාරත්නගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ
පවසයි.

‘මාව පැය තුනක් විතර ප්‍රශ්න කළා. එගොල්ලො අහන්නෙ මං රන්ජන් එක්ක පැවැත්වූ සම්බන්ධෙ මොකක්ද දන්නෙ මොනවද කියලා. ඇත්තටම මං රන්ජන් අයිය එක්ක වීඩියෝවක් කළා. ඒ පහුගිය කාලෙ හුමුදුරුවන්ට රන්ජන් අපහස කළා කියලා පැතිර ගිය කතාව

ඒකෙදි එයා කිව්වේ සමහර චීවරධාරීන් කුඩා කාලෙ වෙච්ච ප්‍රශ්න නිසා අමුතු දේවල් කරන බව. මේ ගැන අහන්න මං රන්ජන්ගෙ ගෙදරට ගිය බව ඇත්ත. ඒත් රන්ජන් රාමනායක එක්ක මට විශේෂ සම්බන්ධයක් නැහැ.
ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් මං කිසිවක් දන්නෑ.
පැය තුනක පමණ කාලයක් මගෙන් ප්‍රශ්න කරත් රන්ජන් රාමනායක සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව තමයි මං කිව්වෙ.
අද සමහර පත්තර වල මේ ගැන වැරදියට රිපෝර්ට් කරලා තියනවා.
 හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ඔහු අනාවරණය කර ඇති බවට  රන්ජන් රාමනායකගේ නිවසට නිතර ආගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් මම හෙළි කළ බවට ඒ වැරදි ආරංචි දාල තියෙන්නෙ. මං ඒ කිසිවක් කර නැහැ.‘