ඉරානයේ හමුදා ප්‍රධානි කසෙම් සොලෙයිමානි ඇමරිකානු  ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමෙන් පසු
මේ වනවිට එක්සත් ජනපදය හා ඉරානය උග්‍ර වෛරක්කාර මට්ටමකට පැමිණ තිබෙන අතර

දෙපිරිසමේ ආතතිය දැන් වර්ධනය වී ඇත.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සිදුවූ දේට පළිගැනීමක් නිසැකවම සිදුවනු ඇති බවට ප්‍රකාශ කළ බවටද වාර්තා පළ විය.
මේ අතර, කූඩ්ස් බලකායේ නව ප්‍රධානී එස්මේල් ඝානිද මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

තම කලාපයෙන් එක්සත් ජනපදය මුළුමනින් අතුගා දැමීමට ඉරානය කටයුතු කරනවා යයි ඔහු ප්‍රකාශ කර තිබේ.

සොලෙයිමානි ගේ මෙහෙවර දිගටම සිදු කිරීමට තමා ඇපකැප වන බවත්, සිදුවූ හානියට ලබා ගත හැකි එකම වන්දිය ඇමරිකාව අතුගා දැමීම බවත් ඔහු කියා ඇත.
ඉදිරි දිනවල මෙම කලාපය තුළ යුද තත්වයක් වර්ධනය වනු ඇතිය යන්න මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ.