අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ 2008/37 චක්‍රලේඛයට අනුව කොළඹ රාජකීය වීද්‍යාලය විසින් 10 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා තෝරාගත් සිසුන් නව දෙනෙකුට විද්‍යාලයට ඇතුළත් වීම සඳහා වෙනත් නඩු කටයුත්තක් බාධාවක් වී ඇති බව වාර්තා වේ.

2019/07/03 දින පළවූ පුවත්පත් දැන්වීමක් අනුව විශේෂ සම්මුඛ පරීක්‍ෂණ මඩුල්ලක් විසින් 2019/09/03 දින 10 වැනි වසර සඳහා පුරප්පාඩු 09ක් සඳහා ඉහළ ලකුණු ලබාගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති හා ක්‍රියාපටිපාටි අනුව නීත්‍යනුකුලව තෝරාගත් සිසුන් 09 දෙනෙකුගේ නම් ලැයිස්තුව නීත්‍යානුකුලව
අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධක්‍ෂට ලබාදී ඇත.

එසේ වුවද මේ වන තෙක් තෝරාගත් සිසුන්ට මෙතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර, එයට හේතුව ලෙස දක්වන්නේ රාජකීය වීදහලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් 2019 වසරේ ආදිශිෂ්‍ය සංගමයට පවරා ඇති වෙනත් නඩුවක නීතිපති උපදෙස් බලාපොරොත්තුව සිටීමය.

නමුත් එම කමිටුවේ නීතිපති උපදෙස් මෙම සිසුන් 09 දෙනාට අදාළ නොවන බව නීතිඥවරුන් පවසන අතර, ඒ සඳහා දැනටමත් මාස 05ක කාලයක් ගතවී ඇති බැවින් තෝරාගෙන ඇති සිසුන් මෙවර 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසුන් වන බැවින් අගතියට පත් සිසුන් හා දෙමවුපියන් මේ සදහා ඉක්මන් විසඳුමක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදාළ දරුවන්ට සහ දෙමවුපියන්ට සිදුවී ඇති විශාල අයිතිවාසිකම් කඩකිරීමක් සහ අසාධාරණයක් සමිබන්ධයෙන් සාධාරණ විසඳුමක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි කර ඇති අතර එය දැනටමත් විභාග යවමින් පවතියි.

ඉහත පළවූ දැන්වීමට අනුව 2019 වසරේදී සියලු ජාතික පාසල්වල පුරප්පාඩු සපුරා අවසන් අතර, අවශ්‍ය නීතිමිය කටයුතු සම්පාදනය කොට මම සිසුන් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගත්නා ලෙස දෙමවුපියෝ අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

ෂවින්ද්‍යා එරන්දතී