https://www.gossiplankanews.com/2020/01/7-dead-in-badulla-passara-bus-accident.html
පස්සර මඩොල්සිම හරහා ඇකිරිය දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් මාදෝවත්ත 6 කණුව ප්‍රදේශයේදී ඊයේ ( 06වැනිදා) සවස ප්‍රපාතයකට පෙරළීමෙන් මගීන් 08 දෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබුවන් තිස් දෙදෙනකු පමණ බදුල්ල මහ රෝහලට සහ පස්සර දිසා රෝහලට ඇතුළත් කර තිබේ.  මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී 6 දා සවස බස් රථයක් ප්‍රපාතයකට පෙරලී
අනතුර සිදුවිය.  ප්‍රපාතයට පෙරළී ඇත්තේ
ලංගම බස් රථයක් වන අතර ඒහි  ගමන් කළ

මගීන් විශාල පිරිසක් මියයාමට හා තුවාල ලබන්නට මෙම අනතුර හේතු විය.
මාර්ගයෙන් පහළ අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය බසයේ මිය ගිය හා තුවාල ලැබු මගීන් රෝහල් වෙත ගෙන
යාමට ප්‍රදේශවාසීන් හා පොලීසිය කටයුතු කරමින් තිබුණි.
දැනට වාර්තාවන ආකාරයට පුද්ගලයින් 08 දෙනෙකු එම අනතුරින් මියගොස් ඇතැයි වාර්තාවිය.
තුවාල ලැබූ තවත් පුද්ගලයින් 30 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇත.