https://www.gossiplankanews.com/2020/01/5calls-ranjan-hit-social-media.html#more
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගිනි අවි බලපත්‍රයක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී ඔහුගේ නිවස පරීක්ෂාවෙන් පසු පොලිසිය සොයාගත් බව කියන දුරකථන ඇමතුම් වල පටිගතවූ දත්ත මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමට පටන් ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවේ සිට ඇප ලබන්නටත් පෙරාතුවම
පොලිස් භාරයේ තිබුණ මෙම නඩුභාණ්ඩ දේශපාලකයින් ,

ස්වාමීන් වහන්සේලා සහ මාධ්‍යවේදීන් අතට පත්ව තිබෙන අතර ඒවා අතුරින් වත්මන් රජයට හා යම් යම් කණ්ඩායම්වලට වාසිවන පටිගතවීම් පමණක් මුදා හැර ඇති බවද නිරීක්ෂණය වේ.
රන්ජන් අත්අඩංගුවට ගත් පොලිසිය මේවා දේශපාලකයින් හා මාධ්‍ය අතට පත් කර තිබෙන බව පෙනෙන්නට තිබේ.
මෙම පටිගතවීම් අතර දැනට පිටවී තිබෙන හඩ පට පහත පරිදිය.

1)ශානි අබේසේකර දුමින්ද සිල්වාගේ නඩුව ගැන කරන කතාබහ
2) පද්මිණී එන්. රණවක ගරු මහාධිකරණ විනිසුරුවරිය දුමින්ද සිල්වාගේ නඩුව කතා කිරීමෙන් පසු උසස් වීමක් ගැන රනිල්ට කියා උදව් දෙන්නැයි රන්ජන්ගෙන් කරන ඉල්ලීම
3) නිශාන්ත සිල්වා මාරු කළ වෙලාවේ රනිල්ව සම්බන්ධ කිරීමට කළ කතාබහ
4) ශානි අබේසේකර සමග නඩු සම්බන්ධ කරන කතාබහ
5) වයස 19 කෙල්ලක සැපයීමට හැකි බව කියමින් කාන්තාවක රන්ජන්ට කරන ඇමතීම

මේ හඩ පට වලට අමතරව තවත් ලක්ෂ ගණනක දුරකථන ඇමතුම් හඩ පට ඇති බවත් ඒවා විමර්ශනය කරන බවත් රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හා ඇමති විමල් වීරවංශ මේ අතරවාරයේ මාධ්‍ය අමතා පවසා තිබුණි.
මේ අතර මිනීමැරුමක් නිසා දැනට මරණ දඩුවමට ලක්ව ජීවිතාන්ත සිර දඩුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකාරයෙකු කිරීම පසුපස රන්ජන් ශානි පද්මිණී කුමන්ත්‍රණයක් පවතින බව හෙළි කරමින් හිරු මාධ්‍ය ජාලය ඊයේ පුවත් පළ කර තිබුනේ මෙම හඩ පටද උපයෝගී කරගෙනය.
මෙම කාරණාව මත දුමින්ද සිල්වාව වැරදිකාරයෙකු නොවිය හැකි බවට විමල් වීරවංශ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුද ස්වාමීන් වහන්සේලාද අදහස් පළ කරන ආකාරය එම ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා එළි දක්වා තිබේ.
මහින්ද රාජපක්ෂ සමයේ බරපතල අපරාධ ගණනාවක් සම්බන්ධ රහස් පොලිසියේ පරීක්ෂණ මෙහෙයවූ ශානි අබේසේකර මේ වනවිට දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායකයෙකු ලෙස මාරුකිරීමකට ලක්කර තිබෙන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි සපයාගැනීමට රන්ජන්ගේ නිවස සෝදිසි කර මෙම

හඩ පට සොයාගත් බවට කතාවක්ද පැතිර පවතී,
එසේම දුමින්ද සිල්වා නිදහස් කිරීමට ඔහු නිවැරදිකරුවකු බවට සාධාරණීකරණය කිරීමට අවශ්‍ය පූර්ව පසුබිම සැකසීමට මෙම  හඩ පට යොදාගන්නා බවටද ආරංචියක් පවතී.
කෙසේ වෙතත් මේවාට උත්තර සපයා ඇති රන්ජන් රාමනායක පවසන්නේ තමා නිරන්තරයෙන් වංචා දූෂණ ගැන කරුණු ගවේෂණාත්මකව සොයාබැලූ බවත් ඒ සදහා කරුණු සපයන්නන් ලෙස තමා ආශ්‍රය කළ අය ගැන හෙළිදරව් කිරීම තමන්ගේ කාර්යයන් තවත් සනාථ කරවන බවයි.
19 හැවිරිදි තරුණියක සැපයීමට හැකි බව දන්වමින් රන්ජන්ට කාන්තාවක කළ ඇමතුම ගැනද රන්ජන් පවසා ඇත්තේ එය තමා කරුණු සොයා බැලීමට විවිධ අය ඇසුරු කිරීමේ තවත් අවස්ථාවක් බවයි.
කෙසේ වෙතත් මේ වනවිට රන්ජන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් විවිධ දේ කතාබහ කළ අය ඉදිරියේදී කවරක් හෙළිවේදැයි තැතිගැන්මකට ලක්ව සිටින අතර අධිකරණ ක්ෂෙත්‍රයට සම්බන්ධ ඉහළ පුටු රත්වී ඇති බවද අද දින ජාතික පුවත්පත් වාර්තා කර තිබේ.

සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය හඩ පට 5 ක් පහත පරිදිය.


රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්